Press "Enter" to skip to content

අයවැය ලැයිස්තුවට දාන්න ඔබට අමතක වූ දේවල්.

ඔබේ මාසික අදායමෙන් කීය කීය හරි ඉතිරි කරනවනේ.ඒ අතර ඉතිරි කිරීමේදී අනුගමනය කරන එක් පියවරක් විදිහට අයවැය ලැයිස්තුවක් සකස් කරගන්නවා.ඔබට අනවශ්ය වියදම් කපා හැරලා අත්යවශ්ය වියදම් තමයි මේ ලැයිස්තුවට එකතු කරන්නේ. හැබැයි ඔබේ මේ අයවැය ලැයිස්තුවට දාන්න මඟ හැරෙන වියදම් කිහිපයකුත් තියෙනවා. ඒ නිසා ස්ථාවර තැන්පතුවක ඉතිරි කරන කොටස ඇරුනම මේ දේවල් වලටත් බජට් එකෙන් කොටසක් වෙන් කරන්න.

• ඔබේ පෞද්ගලික පොකට් මුදල් වෙනම තියාගන්න. හදිසියේ අවස්ථාකදී කඩෙන් කෑම කන්න සිදු වේවි, වහනය කැඩුනොත් වෙනත් වාහනයක වැඩට යන්න සිදුවෙයි, අවමංගල්ය උත්සව, මංගල උත්සව, උපන්දින සාදා යෙදෙයි. එවැනි සැලසුම් නොකළ සිදුවීම් වලට මුහුණ දෙන්න නම් ඔබ සූදානම් පිට සිටිය යුතුයි.

• ඒ වගේම උත්සව සමයටත් කීය කීය හරි ඉතිරි කරන්න. අප්රේල්, දෙසැම්බර් කියන්නේ වැඩිපුර සාද, සැණකෙළි පැවැත්වෙනවා. ඒ නිසා මේ කාලයේදී වියදම කරන්න අතේ සතේ නැහැ කියලා ලතවෙන්නේ නැතිව ඊට කලින් ඉදන්ම ඉතිරි කරන්න පුරුදු වෙන්න. සමහරු වෙසක්, පොසොන් හෝ නිවාඩු දින වල විනෝදචාරිකා සැලසුම් කරනවා. පස්සේ යන්න දින ලං වෙද්දී සල්ලි නැහැ කියලා නාහෙන් අඬනවා.

• ඔය අතරේ පන්සල්, පල්ලි වල පුණ්ය කටයුතු වලට දෙන්න, පෝය දවස්වල දන්සැල්, දානමාන පිංකම් වගේ දේවල් වලට දෙන්නත් ඔබේ අදායමෙන් කීයක් හරි ඉතිරි කරන්න. මේ අතර අවුරුද්ද අවසානයේ ඔබ සැලසුම් කරනවා නම් ඒ සඳහාත් කියක් හෝ ඉතිරි කරගන්න.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!