Press "Enter" to skip to content

ආහාර වලින් විතරක් ප්‍රතිශක්තිය වැඩි කරන්න පුළුවන්ද?

ලංකාවත් දැන් කොරෝනා වෛරසයේ ගොදුරක් බවට පත්වෙලා. දිනෙන් දින කොරෝනා රෝගීන් සංඛ්‍යාව වැඩි වන අතර මරණ ද වාර්තා වෙනවා. හැබැයි ඔබ නිරෝගී පුද්ගලයෙක් නම් මේ වෛරසයට බිය විය යුතු නැහැ. මෙම වෛරසයෙන් බේරෙන්න ඔබේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගන්න වෙනවා.

ඒත්, ගොඩක් අය හිතන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන ආහාරපාන පමණක් ලබා ගැනීම ප්‍රමාණවත් කියලා. හැබැයි ආහාර වර්ග වලින් පමණක් ඔබේ ප්‍රතිශක්තිය ඉහළ නංවන්න බැහැ. ඒ සඳහා මෙන්න මේ කරුණු ටිකත් අනුගමනය කළ යුතුයි.

• මානසික ආතතිය අඩු කරගැනීම.

නිතරම කොරෝනා ගැන හිත හිතා මානසිකව කඩා වැටෙන්න එපා. එමඟින් ඔබේ ප්රතිශක්තිය අඩු කරනවා. ඒ වගේ වෙලාවට සිංදුවක් අහන්න, film එකක් බලන්න, එළියට බැහැලා ටිකක් මිදුලේ ඇවිදින්න, පවුලේ අයත් එක්ක එකතු වෙලා පුංචි පුංචි ක්රීඩා කරන්න පුළුවන්, ගෙවතු වගාවට යොමු වෙන්න පුළුවන්. එමඟින් ඔබේ ආතතිය දුරු කරයි.

• ව්‍යායාම සහ ශරීරය වෙහෙස කරවන ක්රියාකාරකම් අඩු කරන්න.

අවම ක්රියාකාරීත්වයෙන් යුත් ව්යායාම මඟින් ස්භාවිකව ම ඔබේ සිරුරේ කෝටිසෝල් මට්ටම අඩු කරනවා. එය ප්රතිශක්තිකරණ ගොඩක් උදව් වන බවයි පෝෂණවේදීන් පෙන්වා දෙන්නේ. සාමාන්යයෙන් දිනකට මිනිත්තු 30 ත් 60 ත් අතර සැහැල්ලු ව්යායාම කිරීමට වෛද්යවරු නිර්දේශ කරනවා.

• ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.

ඔබ නිදිමරන්න පුරුදු වෙලා ඉන්නවද? ඔබ හැමදාම රෑට නිදිමරන පුද්ගලයෙක් නම් ඔබේ ප්රතිශක්තිය දුර්වල වන බව මතක තියාගන්න. එමඟින් ඔබ ඉක්මනින්ම ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න පුළුවන්. ප්රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව තියාගන්න නම් ඔබට සුවදායි නින්දක් අත්යවශ්යයි. සාමාන්යයෙන් වැඩිහිටි පුද්ගලයෙකුට නම් රාත්රියට පැය 7 – 8ක වත් නින්දක් අත්යවශ්යයි. දරුවන්ට නම් ඊට වඩා වැඩි නින්දක් ලබා දිය යුතු වෙනවා.

• දිනපතා යෝගට් කන්න

යෝගට් වල තියෙන “ප්රෝබියොටික්” ප්රතිශක්තිය වර්ධනයට උදව් වෙනවා. එය ඔබේ සිරුරේ ඇති හොඳ බැක්ටීරියා වලට සහය දෙමින් නරක බැක්ටීරියා සහ වෛරස වලට එරෙහිව සටන් කරනවා. ඒ වගේම ඉඟුරු, ළූනු, ඉදුණු පළතුරු, සුදු ළූනු ත් නරක බැක්ටීරියා සහ වෛරස වලට පාලනයට උපකාරී වෙනවා.

• මීට අමතරව සෑම දිනකම විටමින්, ඛනිජ ලවණ සහ පෝෂ්ය පදාර්ථ අඩංගු ආහාර ලබා ගන්න. එමෙන්ම ඔබ නිතරම ප්රතිජීවක ඖෂධ ලබා ගන්නවා නම් එයත් සීමා කරන්න.

More from | Be HealthyMore posts in | Be Healthy »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!