Press "Enter" to skip to content

දිනෙන් දින වෙනස් වන කොරෝනා ලක්ෂණ හඳුනාගන්නේ මෙහෙමයි.

ලංකාව ආක්‍රමණය කළ කොරෝනා වෛරසය හේතුවෙන් දිනෙන් දින රෝගීන් ප්රමාණයත් ඉහළ යනවා. කොරෝනා දත්ත වාර්තා විශ්ලේෂණය කිරීමේදී දැක ගන්න ලැබෙන පොදු තත්වයක් තමයි, මෙම රෝගයට ගොදුරු වූ රෝගීන් වාර්තා වීම පළමු සතියට සාපේක්ෂව 2, 3 වන සතිවලදී සීඝ්ර වර්ධනය වීම. ශ්රී ලංකවේ නම් මේ පළමු සතියයි.

සාමාන්යයෙන් මෙම කොරෝනා රෝග ලක්ෂණත් දිනෙන් දින වෙනස් වෙනවා. ඒ විදිහට තමයි කොරෝනා රෝගය උත්සන්න වෙන්නේ. beHappy තුළින් මේ කියන්න හදන්නෙත් දවසින් දවස වෙනස් වන රෝග ලක්ෂණ හඳුනාගන්න හැටි කියලා දෙන්න.

දින 1 සහ 3 අතර කාලය
• සුළු උගුරේ වේදනාව
• සෙම්ප්රතිශ්යා රෝග ලක්ෂණ
• උණ නොමැති අතර වෙහෙසක්, අපහසුවක් නොදැනේ.
• සාමාන්ය ලෙස ආහාරපාන ලබා ගන්න පුළුවන්.

4 වන දිනය
• උගුරේ වේදනාව සහ මත් ගතියක් දැනීම
• කටහඬ රළු වීමට පටන් ගනී
• පොඩි හිසරදයක් ඇති වීම
• මඳ වශයෙන් පාචන තත්වයක් ඇතිවීම
• ආහාර අරුචිය ඇති වීම
• සිරුරේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.5 පමණ වීම

5වන දිනය
• හන්දිපත් වේදනාව
• සිරුරේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.5 – 36.7 අතර වෙයි
• උගුරේ වේදනාව සහ කටහඬ රළු වීම

6 වන දිනය
• වියළි කැස්ස
• සිරුරට වෙහෙස දැනීම සහ වමනය වැනි ගතියක් දැනීම
• විටින් විට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම
• ඇඟිලි වල කැක්කුම
• පාචනය
• ආහාර ගිලින විට හෝ කතා කරන විට උගුරේ වේදනාව ඇති වීම
• සිරුරේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37ක් පමණ වීම

7 වන දිනය
• සෙම සහිත නොනවතින කැස්ස
• පාචනය වැඩිවීම
• වමනය
• හිසේ කැක්කුම සහ ඇඟපතේ වේදනවා
• උණ වැඩි වීම. මෙහිදී සිරුරේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.4 සිට 37.8 දක්වා වැඩි වෙනවා.

8වන දිනය
• අධික උණ. මෙහිදී ඔබේ සිරුරේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 38ක් හෝ ඊට වැඩි විය හැකියි
• හිසේ කැක්කුම, හන්දි කොරවීම් සහ තට්ටම් ප්රදේශයේ අපහසුව ඇතිවෙයි
• නොනවතින කැස්ස
• හුස්ම ගැනීමේ අපහසුතා සහ හුස්ම ගැනීමේදී පපුවේ බර ගතියක් දැනීම

9 වන දිනය
• උණ වැඩි වීම
• කැස්ස වැඩි වීම
• හුස්ම ගැනීමේ අපහසුතා සහ හුස්ම ගැනීමට වෙහෙස දැරීම
• රෝග ලක්ෂණ වැඩි වෙයි.

More from | Be HealthyMore posts in | Be Healthy »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!