Press "Enter" to skip to content

සාර්ථකත්වයේ දොරටුව අරින්න ඔබ සතුවිය යුතු යතුරු 7

සාර්ථක දිවිපෙවතක් ගෙවන්න හැමෝම වගේ හීන දකිනවා.ඔය අතර ඔබේ සාර්ථකත්වයට අකුල් හෙළන අයත් නැතුවම නෙවෙයි. වටෙපිටේ ඉන්න හැමෝම හදන්නේ එයාලගේ ජීවිතය සාර්ථකයි කියලා පෙන්වන්න. හැබැයි කියන තරම් නම් එයාලගේ ජීවිත සාර්ථක නැහැ. ජීවිතය කියන්නේ මුදල් නෙවෙයි. හැබැයි ජීවත් වෙන්න මුදල් ඕන. කොච්චර දුක් විඳලත් ජීවිතය සාර්ථක කරගන්න බැහැ කියලා ඔයා දුක් වෙනවා. ඒ වෙනුවෙන් දුක් වේවි ඉන්නේ නැතිව ටිකක් හිතලා බලන්න ඔයාට මොනවද මඟ හැරුණේ කියලා.

1.ඔයා යන මාර්ගය වැරදි ඇති

හැමෝටම හැමදේකින්ම සාර්ථක වෙන්න බැහැ. මොකද එකිනෙකාට සාර්ථක වෙන්න තියෙන මාර්ග හරි වෙනස්. ඒ නිසා අනිත් අය යන මාර්ගයේම යන්නේ නැතිව ඔයාගේම මාර්ගයක් කපාගන්න. ඔබේ දක්ෂතාවයට, හැකියාවට අනුව ඔබේ සාර්ථකත්වයේ ගමන් මඟ සකස් කරගන්න.

2.සාර්ථකත්වය සුළුවට හිතනවද?

අපි හැමෝම හිතනවා සාර්ථක වෙන්න ඕන කියලා. වටේ ඉන්න කවුරු හරි සාර්ථක වෙලා ඉන්නවා දකිද්දී හිතනවා “මමත එයා වගේ සාර්ථක වෙන්න ඕන” කියලා. හැබැයි එහෙම හිතුවා, ඒක එතනින් ඉවරයි. ඒත් ඔයා මතක් තියාගන්න සිතුවිලක් ආ පමණින් සාර්ථක වෙන්න බැහැ කියලා.ඒ නිසා හැමවෙලේම සාර්ථකත්වය ගැනම හිතන්න. ඒ වෙනුවෙන් කැපවෙන්න, වෙහෙසෙන්න. සාර්ථකත්වය කරා යනතුරුම ඒ සිහිනය අත්හරින්න එපා.

3.කම්මැලි වෙන්න එපා

වැඩක් කරන්න ගත්තට පස්සේ ඔයාට කම්මැලි හිතෙනවද? හැබැයි පුතෝ කම්මැලිවෙලා නම් සාර්ථක වෙන්න බැහැ. ඒ විතරක් නෙවෙයි සමහරු ඉන්නවා වැඩක් කරන්න ගත්තම වැඩ ගොඩක් බදා ගන්නවා. ඊට පස්සේ එකක්වත් කරගන්න බැහැ. එතකොට කොහොමද ඉතින් සාර්ථක වෙන්නේ? ඒ නිසා එක වැඩක් ඉවර කරලා අනෙක් වැඩේට අත ගහන්න. ඒ වගේම කම්මැලිකම අත්හැරලා සාර්ථක වීම අනිවාර්ය කාර්යක් බව සිහි තබාගන්න.

4.ඔයා ඔයාට අවංකද?

කෙනෙකුගේ සාර්ථකත්වයට අවංකකම හොඳටම බලපානවා.කාටද අවංක වෙන්න ඕන? අවංක වෙන්න ඕන තමන්ටමයි. කෙනෙක් තමන්ටම අවංක වෙනවා නම් හරි ඉක්මනින් සාර්ථක වෙන්න පුළුවන්.කාටවත් බැහැ ඔයාව සාර්ථක කරවන්න. ඔයා මහන්සිවෙලා, අවංකව වැඩ කළොත් විතරයි ඔයාට සාර්ථක වෙන පුළුවන්.

5.බාධක ඔයාව රවට්ටනවාද?

ඔබේ ගමනට ඕන වැඩකට නැති බාධක ඕන තරම් එන්න පුළුවන්. නැකත්, වෙලාවල්, පවා ඔබේ ගමනට බාධා කරනවා. ඒ විතරක් නෙවෙයි එකිනෙකාගේ මතයන් සමඟ සටන් කරන්න ඔයාට සිදු වෙයි. හැබැයි සැලෙන්න එපා. ඔයා ඔයාගේ මතයට ඇහුම්කන් දෙන්න. කාගෙවත් පදයට නටලා ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න බැරි බව මතක තියාගන්න. ඔබ කැමති විදිහට ඔබේ සාර්ථකත්වය කරා යන්න

6.Shortcut හොයනවද?

ගොඩක් අය කරන වැරද්දක් තමයි සාර්ථක වෙන්න Shortcut හොයන එක. හැබැයි මතක තියාගන්න මොන දේට Shortcut තිබ්බත් සාර්ථකත්වයට Shortcut නැහැ. අනික සාර්ථකත්වයට යන්න Shortcut හොයන්න ගියොත් වෙන්නේ ඉන්න තැනිනුත් පහළට වැටෙන්නේ. ඒ නිසා බොරුවට Shortcut මහන්සි වෙන්න එපා. ඒකෙන් වෙන්නේ ඔයාගේ කාලය නාස්ති වීමක් පමණයි.

7.වටේ ඉන්න අයගෙන් පරිස්සම් වෙන්න.

සාර්ථකත්වය කරා යන ගමනේ ඔබේ වටෙපිටේ ඉන්න අය ගොඩක් වටිනවා. මොකද හැමෝම වගේ බලන් ඉන්නේ ඔයාගේ කකුලෙන් අදින්න. කේලම් පතුරවමින් ඔබ මහන්සියෙන් හදාගත්ත නම නැති කරන්න තමයි වටේ ඉන්න ගොඩක් අය උත්සහ ගන්නේ. ඒ නිසා ඔයා වටේ ඉන්න අය සමඟ ගනුදෙනු කිරීමේදී හොඳ අවබෝධයක් තියාගෙන ඉන්න එක ගොඩක් වටිනවා. ඔයා කඩා වැටුණාම ඔයාව තවත් වලපල්ලට තල්ලු කරන අයව නෙවෙයි, ඔයා කඩාවැටෙන වැටෙන පාරක් ගානේ ඔයාව නැගිට්ටවන අය ඔයා ළඟ තියාගන්න.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!