Press "Enter" to skip to content

Salon නොයා බේකිං සෝඩා වලින් ලස්සන වෙන්නේ මෙහෙමයි

අපි ගොඩක් වෙලාවට අපේ ලස්සන වැඩි කරගන්න එක එක විදිහේ treatment කරනවා.ගොඩක් වෙලාවට අපි ඔය දේවල් කරන්නේ salon එකට ගිහින්.හැබැයි අද ඉදන් එහෙම කරන්න ඕනේ නැහැ.ගෙදරදීම ගොඩක් ලේසියෙන් ලස්සන වෙන්න පුළුවන් ක්රමයක් තියෙනවා.ඒ තමයි බේකිං සෝඩා.ඇත්තටම බේකිං සෝඩා වලින් ලස්සන වෙන්නේ කොහොමද කියලා ඔයාට අනිවාර්යයෙන්ම හිතෙන්න පුළුවන්.ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි.

Face Wash

• බේකිං සෝඩා තේ හැඳි 2ක්
• මඳ උණුසුම් ජලය තේ හැඳි 1ක්

බේකිං සෝඩා වලට ජලය දමා ඝන පල්පයක් වෙන විදියට මිශ්ර කර ගන්න.ඊටපස්සේ තෙමා ගත් මුහුණේ ආලේප කරලා කවාකාරව සම්බාහනය කරන්න.අන්තිමට සෝදන්න

Hand Scrub

බේකින් සෝඩා ටිකක් අරගෙන උණු වතුරට එකතු කරලා මිශ්රණයක් හදා ගන්න.මිශ්රණය හොඳින් අත් වල apply කරලා Scrub කරන්න.ඒකෙන් දෑත් වල මැරුණු සම ඉවත් වෙනවා විතරක් නෙමෙයි අත් වල තියෙන Dry ගතියත් අඩු වෙලා යනවා.

Sun Burn

ගොඩක් වෙලාවට sun burn ඇති වෙන්නේ අත්, කකුල් සහ කොන්ද කියන තැන් වල.ඒ පිළිස්සුනු සම නැවත යතා තත්ත්වයට පත් කරන්න බේකින් සෝඩා යොදා ගන්න පුළුවන්.ඔයාට කරන්න තියෙන්නේ බේකිං සෝඩා ටිකක් වතුර එක්ක මිශ්ර කරලා ඒ මිශ්රණය burn වෙලා තියෙන තැන් වල apply කරන්න විතරයි.ඊටපස්සේ විනාඩි 15 – 20කින් පස්සේ සෝදන්න.

Deodorant

බේකින් සෝඩා තේ හැන්දක් වතුර ස්වල්පයක මිශ්ර කරන්න.පසුව අත් යට අලේප කර හොඳින් අතුල්ලන්න. විනාඩි 20කින් පමණ සෝදා ඉවත් කරන්න.

Shampoo

ජලය සහ ලෙමන් යුෂ සමග බේකින් සෝඩා ස්වල්පයක් මිශ්ර කර තෙත හිස් කබලේ ආලේප කරන්න.විනාඩි කිහිපයක් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.මේ Treatment එකෙන් හිස් කබලේ දුවිලි සහ අනවශ්ය තෙල් සහිත බව ඉවත් කර ගන්න පුළුවන්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!