Press "Enter" to skip to content

බය නැතුව ආයෝජනයක් කරන්නේ කොහොමද ?

ආයෝජනය කිරීමෙන් සාමාන්ය ඉතිරි කිරීමකට වඩා වැඩි වේගයකින් තමන්ගේ වත්කම වැඩි කර ගන්න පුළුවන්.ඒක අපි හැමෝම දන්න දෙයක්නේ.හැබැයි තමන්ගේ මුදල් ආයෝජනය කරන්න කළින් සම්පුර්ණ කළ යුතු දේවල් කීපයක් තියෙනවා.ඒ මොනවද කියලා අද අපි බලමු

අධ්‍යාපනය

කෙනෙක් මුදල් ආයෝජනය කරනකොට ඒ මුදල් අවදානම් තත්වයකට පත් වීම සිදු වෙනවා.හැබැයි ඒක බය වෙන්න දෙයක් නෙමෙයි.මොකද ඔයාගේ මුදල් බැංකුවක තැන්පත් කිරීමත් යම්තාක් දුරකට අවදානමක්.ඒ වගේම ආයෝජනයට මුදල් යෙදවීමත් අවදානම්.අන්න ඒ නිසා ආයෝජනය කරන්න කළින් ඒ ගැන හොඳ දැනුමක් තිබීම ගොඩක් වැදගත්.මොකද ආයෝජනය ගැන දැනුමක් නැතුව ආයෝජනය කරන්න ගියොත් වෙන්නේ අමාරුවේ වැටෙන්න තමයි

ණය බරින් මිදෙන්න.

ඇත්තටම අපිට ණය තියෙනවා නම් ආයෝජනය කරන්න සල්ලි නැහැනේ.ඒ නිසා ඔයාට ණය වගේ දේවල් තියෙනවා නම් ආයෝජනයට කළින් හැම ණයක්ම ගෙවන්න.අඩුම තරමේ ඔයාගේ තියෙන ණය වාරික අපහසුවකින් තොරව ගෙවන්න පුළුවන්නම් විතරක් ආයෝජනය කළාට කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතැනදී ඔයා මුදල් ණයට අරගෙන ආයෝජනය කරන්න හිතනවා නම් ආයෝජනයෙන් වැඩි ලාභ ලැබීම සෑම මසකම ස්ථීර නැති බව සහ ණයට ගත් මුදලේ පොලිය සෑම මසකම ස්ථීරවම ගෙවිය යුතු බව මතක තබා ගන්න.

මුල්‍යම ආරක්ෂාව වැඩි කරගන්න.

ඔයා රැකියාවක් කරන කෙනෙක් වුණත් ,ව්‍යාපාරිකයෙක් වුණත් අනිවාර්යයෙන්ම මුල්‍යමය තත්වය මාස 03කටවත් ආරක්ෂාකර ගන්න අමතක කරන්න එපා.මොකද ඔයාට වගේම ඔයාගෙන් යැපෙන්නන්ටත් අවම වශයෙන් මාස 03ක්වත් මුදල් ඉපයීමකින් තොරව ජීවත් විය හැකි තත්වයකට මුදල් ඉතිරි කර ගන්න ඕනේ.මේ සදහා ඉපයීම් ආරක්ෂා කරන රක්ෂණයක් සහ ජීවිතාරක්ෂනයක් තිබීම ඉතා වැදගත්.

ඉතුරු කිරීමේ අතිරික්තයක් තබා ගන්න.

ආයෝජනය කරනකොට ඔයාගේ ඉතිරි කිරීමේ ගිණුමේ ආයෝජනය කරන ප්රමාණය වගේ 10 ගුණයක්වත් ඉතිරි කරලා තියන්න අමතක කරන්න එපා.මොකද ඔයාට ඒ මුදල් ආයෝජනය කරනකොට පාඩුවක් වුණොත් ඒවා නැවත මතක් කර ගැනීමට හැකි වෙනවා.කොහොම වුණත් ඔයාගේ ඉතිරි කිරීමෙන් කිසිම වෙලාවක 25% කට වඩා ආයෝජනය කරන්න නම් යන්න එපා.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *