Press "Enter" to skip to content

නිතර පරිගණකය භාවිතා කරන ඔබට මේ ලක්ෂණ තියෙනවද බලන්න

අපි හැමෝම වැඩ කරන්නේ පරිගණක වල.ඒ වගේම අපේ දවසින් වැඩි කාලයක් ගත කරන්නෙත් පරිගණකය ඉදිරියේ.ඒ නිසා දැනගෙන ඉන්න ඕනේ පරිගණකයෙන් අපිට මොන වගේ හානියක් වෙනවද කියලා.අද මම ඒ ගැන කියලා දෙන්නම්.මේක පරිගණකය ඉදිරියේ නිතරම ඉන්න අයට වගේම අනිත් අයටත් වැදගත් වෙයි.

Lumbar Degenerative Disc Disease
පරිගණකය ඉදිරිපිට නිවැරදි ඉරියව්වෙන් ඉඳ නොගැනීම නිසා කොඳු ඇට පෙළෙහි පහළ කොටසෙහි ඇතිවන වේදනාව

Computer vision Syndrome
ඇස් වියළීම,දැවිල්ල ,හිසරදය ,ඇස්වල ආතතිය මෙහිදී ඇති ඇති වනවා .

Intersection Syndrome
මහපට ඇඟිල්ල සහ මැණික් කටුව නිතරම චලනය වෙන නිසා කන්ඩරා වල ඇතිවන සීරීම් නිසා දැනෙන වේදනාව මෙහි රෝග ලක්ෂණයයි.

Carpal tunnel syndrome
නිතර මවුසය ස්පර්ශ කිරීම නිසා මැණික් කටුවේ අස්ථි මෙම රෝගයට ගොදුරු වෙනවා. ඒ නිසා අත හිරිවැටීම පාලනය කරගන්නට නොහැකි වනවා.

Tennis Elbow
අත, උරහිස, සම්බන්ධ වන කන්ඩරා නිතරම එහා මෙහා චලනය වීම නිසා සුළු අංශභාග රෝග තත්වයක් ඇතිවීම මෙහිදී සිදු වෙනවා.

Stenosing Tenosynovitis
මවුසය නිතර ස්පර්ශ කිරීම හේතු කොටගෙන ඇඟිලිවල චලනය සම්බන්දිත කන්ඩරා සිරීම නිසා එතුළ දැවිල්ලක් සහ වේදනාවක් හට ගන්නවා.

Thoracic outlets syndrome
මේ රෝගයේ ලක්ෂණ වෙන්නේ බෙල්ලේ සිට දෙඅත් කරා ගමන් කරන රුධිර නාල සහ ස්නායු සංකෝචනය වීම නිසා අත්වල බෙල්ලේ සහ පපුවේ ඇතිවන වේදනාව.

Cervical degenerative disc disease
පරිගණක තිරය දෙස බලා සිටිමේදී වැරදි ඉරියව්වකින් සිටීම නිසා කොඳු ඇට පෙලේ ඉහල කොටසට හා බෙල්ලේ මාංශ පේශිවලට හානි වෙනවා.එහිදී එම ඉන්ද්රියයන් වේදනාවට පත්වීම මෙහි ලක්ෂණයයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *