කොහොඹ කියන්නේ ඖෂධයක්.ඒ වගේම ගොඩක් හොඳ ඖෂධයක්.ලස්සන වෙන්න විතරක් නෙමෙයි විවිධ රෝග රෝග සුව කරගන්නත් අපිට කොහොඹ උපකාරී වෙනවා.ඉතින් දැන් හිතෙනවද කොහොඹ වලින් කොහොමද ලස්සන වෙන්නේ කියලා.ඔව් ඇත්තටම ලස්සන වෙනවා.මම කියන්නම් ඒ කොහොමද කියලා.

- Skin එක Fair කරගන්න
කොහොඹ කොළ ටිකක් අරන් Paste එකක් විදියට හදාගෙන ඒකට කහ හැන්දකුත් එකතු කරන්න.මේකට ගන්න ඕනේ කඩේ තියන කහ නෙමෙයි.කහ කෑල්ලක් අරන් කුඩු කරලා හෝ අඹරලා ගන්න ඕනේ. ඊට පස්සෙ ඒකටම මී පැණි බින්දු 02 – 03 ක් එකතු කරලා මුහුණේ ආලේප කරන්න. විනාඩි 20ක් විතර තියෙන්න දීලා මුහුණේ උඩ අතට හිමිහිට සම්භාහනය කරන්න. - හොඳම විසඳුමක්
කොහොඹ කොළ ටිකක් උණු වතුරට එකතු කරලා විනාඩි 2 – 3ක් තියලා කොළ අඹරලා Paste එකක් විදිහට හදාගන්න.ඊට පස්සේ හොඳින් පිරිසිදු කරගත් මුහුණේ ආලේප කරන්න. විනාඩි 30 පමණ ඉඳලා වියලුණාට පස්සේ මඳ උණුසුම් වතුරින් සෝදලා ඉවත් කරන්න. - Black spots ඉවත් කරගන්න පුළුවන්
කොහොඹ තෙල් බින්දු 2 – 3 ක් වතුර බින්දු කිහිපයක් එකතු කරලා ලප කැළැල් ඇති ස්ථානවල ආලේප කරන එක. ඊට පස්සේ විනාඩි 20ක් විතර ඉඳලා සෝදා ඉවත් කරන්න.දිගටම මේ සත්කාරය කරන්න පුළුවන් නම් ලප ඇති වෙන එකත් නවත්තගන්න පුළුවන්. - Infections, eczema වලට ප්රතිකාරයක්
වතුර කෝප්ප 2 – 3ට කොහොඹ කොළ ටිකක් දාලා හොඳින් උතුරවාගෙන ඒ වතුරෙන් දද, තුවාල සෝදන්න. සතියක් විතර යද්දී නිකන්ම සුව වේවි.
Be First to Comment