Press "Enter" to skip to content

මුදල් ආයෝජනය කිරීමට පෙර ඔබ දැනගත යුතුම දේ.

මුදල් ආයෝජනය කියන්නේ ඔබේ සාර්ථකත්වයට වටිනා ප්‍රතිලාභ රැසක් හිමි කරගන්න පුළුවන් ඵලදායි ක්‍රියාවලියක්. හැබැයි ඔබ කසියම් ව්යාපාරයකට හෝ මුදල් ආයෝජනය කරන කලින් එහි වාසි අවාසි ගැනත් වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. මේ කියන්න යන්නෙත් පාඩුවක්, අවාසියක් නොවෙන විදිහට මුදල් ආයෝජනය කරන්නේ කොහොමද කියලා.

  • ඔබ මුදල් ආයෝජනය කිරීමේදී මුලින්ම සැලකීමත් විය යුත්තේ එම ආයෝජනයෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ ගැනයි. විශේෂයෙන්ම එම ප්‍රතිලාභ කොතරම් කාලයකින් ලැබෙනවද? එමඟින් අදාළ කාලයට සාපේක්ෂව ඔබට වැඩි වාසි අත්කර දෙනවාද? ප්රතිලාභය වෙනුවෙන් ඔබ කැප කළ දෑ හෝ අදාළ ආයෝජිත මුදල ඉපයීම වෙනුවෙන් ඔබ කළ කැපකිරීමට සාධාරණද? යන්න ගැන අනිවාර්යයෙන්ම සිතන්න.
  • ඒ වගේම ඔබ මුදල් ආයෝජනය කරන ස්ථානය සම්බන්ධයෙන් ඔබේ සිතෙහි ඇති වන සැක දුරු කර විශ්වාසය ගොඩනගා ගන්න. එම ස්ථානය කෙරෙහි විශ්වාසය පුළුවන්ද? බැයිද? කියලා ටිකක් වටින් ගොඩින් හොයලා බලන්න.
  • මුදල් ආයෝජනයේදී මූලික අරමුණ වන්නේ ප්‍රතිලාභ. හැබැයි ඔබ බලාපොරොත්තු වන මූලික ප්‍රතිලාභ ඇරුනම අමතර ප්‍රතිලාභ ගැනත් හිතන්න. උදාහරණයක් විදිහට කියනවා නම් , සාමාන්යයෙන් උත්සව කාල වලදී තෑගි ලැබෙන ආයෝජන.එනම් රන්කාසි, ශීතකරණ සහ රෙදිසෝදන යන්ත්ර ඇතුළු ත්‍යාග බොහොමයක් තම ආයෝජිතයන්ට ලබාදීම.
  • ඔබ සතු මුදල් ආයෝජනයෙන් පසු ඔබ ජීවත් වන්නේ කොහොමද? ඔබ රැකියාවක් කරන්නේ නම් මාසික පඩියෙන් පමණක් ජීවත් වෙන්නපුළුවන්ද? නැතිනම් ව්‍යාපාරයෙන් ලැබෙන මුදලින් ජීවත් වෙනවාද? ඒත් නැතිනම් ආයෝජනයේ ප්‍රතිලාභ වාරික ක්රමයට ලබා ගනිමින් ජීවත් වෙනවාද? යන්න මුදල් ආයෝජනය කිරීමට පෙර සිතා බලන්න.
  • ඒ වගේම හදිසි අවස්ථාවන්ට මුහුණ දීමට ඔබට සිදුවෙයි. විශේෂයෙන්ම ආපදා තත්වයන්, අසනීප තත්වයන්. මේ වගේ වෙලාවට ඔබේ තරාතිරම අදාළ වන්නේ නැහැ ඒ නිසා මෙවැනි අවස්ථාවන්ට මුහුණ දෙන්න යම් මුදලක් වෙන්කර තබා ගන්න.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *