Press "Enter" to skip to content

Pain Killers නැතුව රෑට නින්ද යන්නේ නැද්ද ? එහෙනම් ඔබම ඔබේ ජීවිතය අනතුරේ දමාගෙන

දැන් ඉන්න ගොඩක් අය තමන්ට පොඩි වේදනාවක් ආවත් වේදනා නාශක එහෙමත් නැත්නම් Painkillers භාවිතා කරනවා.ඇත්තටම ඒ වැඩේ හොඳ දෙයක් නම් නෙමෙයි,ආතරයිටීස්, මස් පිඩු වේදනාව සඳහා Aspirin, ibuprofen වගේ වේදනා නාශක ඖෂධ නිරන්තර භාවිතයෙන් අමාෂය සහ බඩවැල් ආශ්‍රිත රුධිර වහනය, අධි රුධිර පීඩනය, සිරුර අභ්‍යන්තර තුවාල සහ හෘදයාබාධ ඇති වීමට බොහෝ සෙයින් ඉඩ තියෙනවා.ඒ වගේම සමහර පුද්ගලයින් රාත්‍රී නින්දට පෙරද හොඳින් නින්ද යාම සඳහා වේදනා නශාක ඖෂධ භාවිතයට පුරුදු වී සිටිනවා.මේ විදිහට දිඟටම වේදනා නාශක ඖෂධ වර්ග භාවිතයට ගැනීමෙන් සිරුරේ සමබරතාවයද නැති වී යාම සිදු වෙනවා

වේදනා නාශක ඖෂධ ගැනීම නතර කල යුත්තේ ඇයි

මස් පිඬු, සන්ධි සහ හිසේ කැක්කුම ආධි රෝග සඳහා වේදනා නාශක ඖෂධ භාවිතයෙන් සහනයක් ලබා ගන්න පුළුවන්.හැබැයි සුවයක් ලැබුනත් එයින් විවිධ අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්.ඔයාට පුළුවන් නම් කොහොම හරි මම මේක නවත්තනවා කියලා හිතලා නතර කරන්න ඒක තමයි හොඳම දේ.ඒ වගේම හදවත් සහ අධි රුධිර පීඩන, අමාශය සහ බඩවැල් ආශ්‍රිත තුවාල ඇති වීම සහ ලේ ගැලීමේ අවදානම අඩු කරගන්න පුළුවන්.

පුරුදු

සාමාන්‍යයෙන් පොඩි වේදනාවටත් වේදනා නාශක ගන්න සමහර අය පුරුදු වෙලා ඉන්නවා.හදිසියේ ඇතිවෙන වේදනාවට Ibuprofen වගෙ ඖෂධයක් භාවිතා කිරීම සිදු කල හැකියි.නමුත් ඒවා එක දිඟට පාවිච්චි කිරීම සිදු නොකරන්න.උපරිම දින 10ක් පමණක් භාවිතයට ගන්න.ඒ වගේම නිතරම හිසරදය, එහෙමත් නැත්නම් ඉරුවරාදය ඇතිවෙන පුද්ගලයෙක් නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

වේදනා නාශක ගැන සොයා බලන්න

බර අඩු කර ගැනීම සහ ආතතිය අවම කර ගැනීම සඳහා මෙවැනි ඖෂධ උපකාරි වෙනවා.
වේදනාව, මානසික ගැටලු හෝ නින්ද නොයාම සඳහා ලබා දෙන ඖෂධ වලින් නිසි ප්‍රථිපල ලබා දුන්නත් ඒවා දීර්ඝ කාලයක් භාවිතයෙන් ඇබ්බැහි වෙන්න පුළුවන්. ඒ වගේ ඖෂධ කිසිම වෙලාවක මාස 04කට වඩා භාවිතා කරන්න එපා.එහෙම කරනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

අතුරු ආබාධ

අධික ලෙස වේදනා නාශක ඖෂධ වර්ග භාවිතය නිසා මතකය දුර්වල වීම, අධික නිදිමත, අලස බව සහ නිතර ඇද වැටීම සිදු වෙනවා.ඒ කියන්නේ ඔයා අනවශ්‍ය විදහට වේදනා නාශක ගන්නා කෙනෙක් කියන එක.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *