Press "Enter" to skip to content

බිල් ගේට්ස් ලෝකයේ ධනවත්ම පුද්ගලයා වුණේ කොහොමද ? රහස මෙන්න.

ලෝකයේ ධනවත්ම පුද්ගලයා කවුද ?ඕනෙම කෙනෙක් දන්නවා ඒ බිල් ගේට්ස් කියලා.ඉතින් බිල් ගේට්ස් කියන්නේ ඉපදුනු දවසේ ඉදන්ම මුදල් යහමින් තිබුන පුද්ගලයෙක් නෙමෙයි.හැබැයි ඔහු ලෝකයේ ඉන්න ධනවත්ම පුද්ගලයා. 1975දී Microsoft ආයතනය ආරම්භ කල ඔහු Windows මෙහෙයුම් පද්ධති කිහිපයක්ම ලොවට හදුන්වා දුන්නා.මේ වන විට ඔහුගේ මුළු වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 76ක්.ඔහු මේ තරම් ධනවතෙක් වුණේ කොහොමද? මොනවද ඔහු කළේ.ඔහු ධනවතෙක් වුණේ මෙන්න මේ රහස් නිසා

සැමට කළින්

බිල් ගේට්ස් කියන විදිහට සාර්ථකත්වයට ඉතා වැදගත් දෙයක් තමයි ඕනෑම දෙයක් තරුණ කාලයේම ආරම්භ කළ විට එහි පරිපූර්ණත්වයට එන්න පුළුවන් කියන එක.එයින් ඔබ ඉදිරියට යනකොට සෘනාත්මක දේවල් වගේම මිනිස්සු කියන සෘනාත්මක කතා නොතකා සිටීමේ හැකියාව ලැබෙනවා. විශේෂම දේ තමයි තරුණ කාලයේදී ධනවත් වීමේ ආශාව ඇති වූ වුණාම ධනවතුන්ගේ සාර්ථකත්වයේ ජීවිත කතා ඔබේ හිතට කා වැදී ඔබත් ඒ අනුව ධවනත් භාවයේ මාර්ගයට පිවිසෙනවා.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය පසු ගොඩක් උපයන්න පුළුවන්

සාමන්යයෙන් ඉස්සර වගේම දැනටත් ගොඩක් අය හිතාගෙන ඉන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් වුණාට පසු රැකියාවකට ගිහින් ගොඩක් ලොකු salary එකක් ගන්න පුළුවන් කියලා.ඒක ලොකුම ලොකු විහිළුවක් කියල තමයි බිල් නම් කියන්නේ.කොච්චර උපාධි තිබුනත් අවශ්ය තරම් පළපුරුද්ද නැත්නම් කවදාවත් ලොකු සමාගමක අධ්යක්ෂවරයෙක් වෙන්න බැහැ.ඒ වගේ තනතුරකට යන්න ඕනේ නම් කරන්න තියෙන්නේ තමන්ගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන එක

වැරදීමෙන් ඉගෙනගන්න

කවදාවත් ඔබේ වැරදි වලට අනෙක් අයට දොස් කියන්න බනින්න යන්න එපා.ඔයාව කවුරුහරි රැවට්ටුවොත් ඒක රැවටු පුද්ගලයාගේ වැරද්දක් නෙමෙයි.ඒක ඔබේම වරදක්.ඒ නිසා අනිත් අයට දොස් කියන්න කලින් තමන්ගේ වැරදි හදාගන්න.ඒ වැරදි වලින් ඉගෙනගන්න.නැවත එවැනි අවස්ථාවක් නැවතත් පැමිණියොත් කොහොමද බේරෙන්නේ කියලා ඉගෙනගන්න.

ඒ වගේම ඔබ කොතරම් මහන්සි වී වැඩ කළත්, ඔබට අවශ්‍ය දේ ඔබට අවශ්‍ය විදියට හැම විටම සිදුවෙන්නේ නැහැ.සමහර විට ඔබගේ කිසිම වරදක් නොතිබුණත් ඔබට ඒවා පාලනය කරගන්නට නොහැකි වී ඔබව ඇද වැටෙන්න පුළුවන්.ඒත් එවැනි අවස්ථා වලදි ඔබට හැකි විය යුතුයි තනිවම නැගී සිටින්නට.සාර්ථක පුද්ගලයින් දන්නවා ජීවිතය සාධාරණ නැහැ කියලා. ඔවුන් ජයග්‍රහණය ලබන තුරුම නැවත නැවතත් නැගී සිටිනවා.එම නැගී සිටීම් වලින් තමයි ඔවුන් ජීවිතය ජය ගන්නේ

ඔබම ඔබේ Boss වෙන්න.

“ඔබ ඔබේම සිහනයක් වෙනුවෙන් කැප නොවුණොත්, වෙනත් අයෙක් ඔහුගේ සිහිනය සැබෑ කර ගැනීම උදෙසා ඔබව කුලියට ගනු ඇත” කියලා බිල් කියලා තියෙනවා.ඒක ඇත්ත.අන්න ඒ නිසා බිල් තරුණ වයසේදීම තමන්ගේම ව්යාපාරයක අයිතිකරායෙක් වුණා.

සමාජ සම්බන්ධතා

බිල් සම්බන්ධතා සාදා ගැනීමේදී හිතන්නේ කෙනෙකුගේ වෘත්තිය හෝ තරාතිරම නොව, ඔහු සාර්ථකත්වයට පත්වීමට දරණ උත්සාහය ගැනයි.එම සම්බන්ධතා වලින් ඔහු බලාපොරොත්තු වන්නේ නව අවස්ථාවන් උදා කරගැනීමත්, සාර්ථකත්වය උදෙසා යමක් ඔවුන්ගෙන් ඉගෙන ගැනීමත් පමණයි. ඔහු සම්බන්ධතා හදාගන්නේ ඔහුගේ අනාගත සාර්තකත්වයට වැදගත් අය සමග පමණක් වීම විශේෂත්වයක්.

හොදම පාසල ජීවිතයයි

ඔබ සමහරවිට හිතනවා ඇති පාසල විශ්වවිද්‍යාල කියන්නේ ඔබේ ජීවිතය කියාදෙන තැනක් කියලා.හැබැයි බිල් කියන්නේ ඔබ කොතරම් පොත් කියෙව්වත්, ඔබ කොතරම් විභාග සම්ත වුණත්, කිසිම විශ්වවිද්යාලයකටවත් පාසලකටවත්, ඔබව සැබෑ ජීවිතයට හරි හැටි සූදානම් කරන්න බැහැ කියලා
සැබෑ ජීවිතයේ රැකියාවන් සහ ප්රධානීන් ඔබට යමක් අධ්‍යයන කිරීමට ඉඩ දෙන්නේ නැහැ.ඒ වෙනුවට ඔවුන් උගන්වන දේ ඉගෙන ගැනීමට ඔබට සිද්ද වෙනවා. ඔවුන් උගන්වන දේ ඒ අයුරින් පිළිගෙන ඔබ රැකියාවේ ඉදිරියට නොගියොත් ඔබට සිදුවන්නේ සේවයෙන් ඉවත් වීමටයි.එහෙමත් නැතිනම් ඔවුන් ඔබව සේවයෙන් ඉවත් කරනවා නොඅනුමානයි.

සියල්ලටම කැප වෙන්න

ඔබ කරන්නේ කුමන කටයුත්තක් වුණත් ඒ කරන හැම දෙයකටම හොඳින් කැපවෙන්න සහ හොඳින් ආදරය කරන්න.එහෙම කරන්න බැරි කමක් තියෙනවා නම් ඔබ කරන්නේ ඔබ කැමති දෙයක් නෙමෙයි.බිල් නම් කියන්නේ ඔබ ආදරය නොකරන, ඔබට පීඩනයක් ගෙනදෙන, ඉතා අපහසු කටයුත්තක් ඔබ කරනවානම් ඔබ කරන්නේ හරි දෙයක් කියලා මට විශ්වාස කරන්න අමාරුයි කියලා.

මෝඩයන් සේ පෙනන අයට හොදින් සලකන්න

බිල් කියන්නේ මිනිසුන් මෝඩයින් විදිහට සලකන අය ඇත්තෙන්ම එහෙම නැහැ. ඔවුන් මහන්සිවී වැඩ කරන, කඩිසර, දියුණු වීමට දැඩි කැමත්තක් ඇති පුද්ගලයින් වෙන්න පුළුවන්. ඔබ එවැනි අයට දරුණු විදියට සැලකුවොත් ඔබට වැදගත් වෙන ගොඩක් වාසි ලබාගන්න පුළුවන් කෙනෙකු ඔබට අහිමි වෙන්න ඉඩ තියෙනවා.

ඔබ කෙනෙකුට දරුණු විදියට සැලකුවොත් යම් දවසක දෛවය විසින් ඔබටත් එවැනිම අවස්ථාවන් උදා කරනවා. හිතන්න ඔබ දරුණු විදියට සලකපු කෙනෙක් ඊලගට ඔබ රැකියාවට යන ආයතනයේ ප්‍රධානියා විදියට හිටියොත්, ඔබට එහි රැකියාවක් ලැබෙයි කියලා හිතනවද?අන්න ඒ නිසා කවදාවත් ඔවුන් පෙනුමෙන් මෝඩයෙක් වගේ පෙනුණත් හොඳින් සලකන්න.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *