Press "Enter" to skip to content

දිඟු කලක් භාවිතා කිරීමට ගන්නා මේ දේවල් කල් ඉකුත් වන බව ඔබ දන්නවාද ?

අපි ගොඩක් වෙලාවට වෙළඳපොලෙන් ගන්න දේවල් වල Expire date ,එහෙමත් නැත්නම් කල් ඉකුත් වෙන දිනය සඳහන් කරලා තියෙනවා.ඒක බලලා තමයි අපි ඕනෙම දෙයක් ගන්නේ.හැබැයි සමහර භාණ්ඩ වල එහෙම කල් ඉකුත් වෙන දිනයක් ගැන සඳහන් කරලා නැහැ.ඒ නිසා අපි හිතනවා ඒ දේවල් කසිම දවසක කල් ඉකුත් වෙන්නේ නැහැ කියලා.හැබැයි එහෙම නැහැ.ඒ දේවල් වල කල් ඉකුත් වෙන දිනයක් අනති වුණාට යම් කාලයකදී ඒ දේවල් කල් ඉකුත් වෙනවා.අපි මීට කළින් ඒ වගේ දේවල් කිහිපයක් ගැන කතා කළා.අද අපි ඒ වගේම තව දේවල් කිහිපයක් ගැන බලමු

ළදරු භාණ්ඩ

සූප්පුව – සති 2 – 5

සමහර අම්මලා නම් සුප්පුව නැති වුණාම හරි එහෙමත් නැත්නම් නැවත භාවිතා කිරීමට නොහැකි වුණාම හරි තමයි අලුත් සුප්පුවක් ගන්නේ.හැබැයි එහෙම කරන්න එපා.සාමාන්‍යයෙන් සති 2 – 3ක් අතර කාලයකදී බබාගේ සුප්පුව මාරු කරන්න

ළදරු Car seat – වසර 6 – 10

Car seat එක දිගු කාලයක් භාවිතා කිරීමේදි එහි හැඩයට වෙනස් වෙනවා වගේම එයින් බලාපොරොත්තු වන ආරක්ෂාව ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්.ඒ නිසා වසර 6 – 10ක් අතර කාලයකදී අලුත් Car seat එකක් මිළදී ගැනීම කළ යුතුයි.

ඇඳුම් අල්මාරිය

Bra – වසර 1 – 2

කාලයත් සමඟ Bra එකක ඇදෙන ගතිය වැඩි හෝ අඩු වෙලා හැඩය වෙනස් වෙනවා.ඒ වගේ තත්වයකට පත් වුණාට පස්සේ අලුත් Bra එකකට මාරු වෙන්න

සපත්තු – වසරක්

සාමාන්‍යයෙන් අපි භාවිතා කරන සපත්තුව සැතපුම් 250 – 300 පමණ පසු කරන විට එහි ඇතුලත කුෂන් යාම සිදු වෙනවා.එහි ප්රතිඵලයක් විදිහට සන්ධි වේදනා ඇති වෙන්න පුළුවන්.

මුලුතැන්ගෙය

කුළුබඩු – වසර 1 – 3

ඇත්තටම අපි අලුතෙන් කුළු බඩු ගන්නේ ඉවර වුණාට පස්සෙනේ.සාමාන්‍යයෙන් කාලයත් එක්ක කුළුබඩු වල සුවඳ හා රස වෙනස් වෙනවා.

පිටි – මාස 6 – 12

පිටි වල ප්‍රමිතිය අනුව අවම මාස 6ක් හෝ උපරිම මාස 12ක් තබා ගන්න පුළුවන්.හැබැයි අවුරුද්දක් පහු වුණාට පස්සේ නම් ඒවා නැවත භාවිතා කරන්න හිතන්නවත් එපා.

ගබඩා කාමරය

ගිනි නිවන උපකරණ – වසර 15

වසර 15ක් භාවිතා කිරීමට හැකි වුණත් එම උපකරණ වල කිසියම් කඩතොලු වැනි දේ දකින්නට ලැබෙනවා නම් ඒවා මාරු කරන්න.

Power cable– වසර 1-2

සාමාන්‍යයෙන් Power cable වලට උපරිම ඔරොත්තු දිය හැකි විදුලි ධාරිතාවක් තියෙනවා.එම ධාරිතාව ඉක්මවලා ගියොත් ඒවා ඉක්මණින් දෝෂ සහගත වන අතර ඒවා භාවිහා කිරීම අවධානම්.ඒ නිසා ඒවාද වසර 1 – 2කින් පසු මාරු කිරීම සිදු කරන්න

විෂබීජ නාශක – මාස 3

විෂබීජ නාශක වල ප්රධානම කාර්ය වන්නේ විෂබීජ විනාශ කිරීම.නමුත් මාස 03 අවසන් වූ පසු එය සිදු වන්නේ නැහැ.

මදුරු විකර්ෂක – වසර 2

වසර දෙකකට පසු මදුරු විකර්ෂක මදුරුවන් විකර්ශනය කරන්නේ නැහැ.ඒ නිසා ඒවාද වසර 02කට පසු මාරු කිරීම සිදු කරන්න.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *