බයෝටින් කියන්නේ විටමින් B වර්ගයක්.හිසකෙස් වල මනා වර්ධනයට බයෝටින් ගොඩක් වැදගත් වෙනවා.බයොටින් අඩුවෙන් පරිභෝජනය කරන අයගේ සහ නිසි ලෙස බයොටින් පරිභෝජනය කරන අයගේ හිසකෙස් වල ගුණාත්මක භාවයේ සැළකිය යුතු වෙනසක් තියෙනවා කියලා පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා.ඉතින් අද අපි බලමු බයෝටීන් ලබාගන්න පුළුවන් ආහාර මොනවද කියල
අලිගැට පේර
ෆෝලේට් සහ අසන්තෘප්ත මේදය සපිරි ආහාරයක් වෙන අලිගැටපේර බයොටින් තියෙනවා.අලිගැටපේර ග්‍රෑම් 200 ක සාමාන්‍යයෙන් බයොටින් 1.85 mcg ක් අඩංගුයි කියලා තමයි හොයාගෙන තියෙන්නේ.
පීකුදු
සකස් කරන ලද චිකන් පීකුදු ග්‍රෑම් 75 ක සාමාන්‍යයෙන් බයොටින් 138 mcg ක් ද, සකස් කරන ලද බීෆ් පීකුදු ග්‍රෑම් 75 ක බයොටින් 31 mcg ක් ද අඩංගු වෙනවා.
බතල
බතල කියන්නේ විටමින්, ඛනිජ ලවන, තන්තු වලින් පොහොසත් ආහාරයක්.සකස් කරන ලද බතල කෝප්ප 1/2ක සාමාන්‍යයෙන් බයොටින් 2.4 mcg ක් අඩංගුයි.
ඊස්ට්
බියර් වගේම පාන් සකස් කරන්න යොදා ගන්න ඇක්ටිව් ඊස්ට් වල බයොටින් අඩංගුයි. සාමාන්‍යයෙන් බේක් කරන්න යොදන ඊස්ට් ග්‍රෑම් 7ක බයොටින් 1.4 mcg ක් අඩංගු බව කියැවෙනවා.
බිත්තර කහ මදය
බිත්තර කහ මදය විටමින් B, යකඩ සහ පොස්පරස් වලින් පරිපූර්ණයි. කහ මදය බයොටින් වලින් පිරුණු ආහාරයක්. බිත්තර කහ මදයක සාමාන්‍යයෙන් බයොටින් 10 mcg තියෙනවා.
Be First to Comment