Press "Enter" to skip to content

Team එකක් විදිහට ඉස්සරහට යන්නේ මෙහෙමයි

අපි හැමෝම කැමති තනියම වැඩක් කරලා තනියම ජිවිතේ ඉස්සරහට යන්න.ඒක හරිම ආත්මාර්ථකාමී අදහසක්.ඒ නිසා තමයි ගොඩක් අය කණ්ඩායමක් එක්ක වැඩක් කරලා ඉස්සරහට යන්න කැමති නැත්තේ.එහෙම නැත්නම් කණ්ඩායමක් එක්ක වැඩ කරනකොට අමාරු වෙන හේතු තියෙනවා.ඒ තමයි එක එක්කෙනා හිතන විදිහ,එක්කෙනෙක් වැඩක් කරනකොට තව කෙනෙක් උදව් කරනවා.තව අය වැඩ කරනවා වගේ රඟපානවා .ඉතින් වැඩේ හරිගියොත් වැඩේ කරපු කෙනාට නෙමෙයි ctedit යන්නේ.හැබැයි වැරදුනොත් නම් ඒ credit එක යන්නේ වැඩ කරපු කෙනාට.ඒ කොහොමවුණත් මේ කියන්න යන්නේ ඔයාගේ කණ්ඩායමේ ඉන්න කම්මැලි අයගෙන් පහසුවෙන්ම වැඩ ගන්නේ කොහොමද කියලා.

වැඩේ ගැන අනිත් අයට කියලා දෙන්න.

ඔයාගේ Idea එක ගැන අනිත් අය දන්නේ නැති වුණාම වැඩ කරන්න ටිකක් අදිමදි කරනවා.මොකද Plan එකට නොගැළපෙන දෙයක් කළොත් අපි අනවශ්‍ය විදිහට ඔවුන්ට කෑ ගහනවා.කරන්න යන වැඩේ බරපතලකම කොච්චරද කියන එක තේරෙන්න නම් කරන්න යන වැඩේ ගැන පුංචි අදහසක්, Plan එකක් කොළයක හදලා ඒ ගැන කතා කරන්න.ඒ Plan එක හැමෝටම පේන තැනක එල්ලන්න.

වගකීම් බෙදලා දෙන්න

ඔයාගේ ප්‍රධානම බලාපොරොත්තුවට යන්න නම් කණ්ඩායමක් විදිහට කරන්න පුංචි පුංචි වැඩ කිහිපයක් තියෙනවා.ඒ හැමදෙයක්ම එක්කෙන් විතරක් කළොත් අනිත් අය ඒකට ඇඟිලි ගහලා කරන වැඩේ විනාශ කරනවා.ඒ නිසා එක්කෙනෙක්ට වැඩ පවරලා දෙන්න.වැඩේ භාරදීලා, ඒක කරන්න ඕන deadline එකක් දීලා තියන්න.

Meeting එකේ හැමෝටම අවස්තාව.

හැමවෙලේම ඔයා විතරක් කතා කරන්නේ නැතිව අනිත් අයටත් ඔවුන්ගේ වැඩ ගැන,ගතවුණු කාලය තුළ කරපු දේවල් ගැන කියන්න, අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න.අපේ අදහස් වැඩක් නැහැ නේද කියලා හිතෙනකොට කොහොමටත් වැඩක් කරන්න ආසාවක් ඇති වෙන්නේ නැහැ.මොකද මිනිස්සු ආසයි තමන්ගෙ හැකියාවන් උරගා බලන්න.

කුඩා ජයග්‍රහණ ගැන කතා කරලා ප්‍රශංසා කරන්න.

කණ්ඩායමක් විදිහට ගත්ත ජයග්‍රහණ වලදී ඒවා පොඩියට හරි celebrate කරන්න පුළුවන් නම් ඒකෙන් හැමෝටම පොඩි අභිමානයක් ඇති වෙනවා.ඒ වගේම ඒ ජයග්‍රහණයට හේතු වු අය ගැන අනෙක් අයගේ සිත් වල ඉරිසියා නොහිතෙන්න විදිහට ප්‍රශංසා කරන්නත් අමතක කරන්න එපා

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *