Press "Enter" to skip to content

වාහනය විකුණන්නද හදන්නේ.?එහෙනම් මේ දේවල් ගැන සැළකිලිමත් වෙන්න

සාමාන්‍ය අපි වාහනයක් ගන්නේ අපේ එදිනෙදා කාර්යයන් පහසු කරගන්න හිතාගෙන.හැබැයි සමහර වෙලාවට මුදල් අවශ්යතා නිසා අපිට අපේ වාහනය විකුනන්න වෙනවා.එහෙම නැත්නම් සමහර අය කාලෙන් කාලෙට වාහන වෙනස් කරන නිසා වාහන විකුනනවා.හැබැයි ඔය කොහොම වුණත් Second Hand වාහනයක් විකුනන්න කළින් හිතන්න දේවල් කිහිපයක් තියෙනවා

01) වාහනයක් මිලදී ගද්දී අඩුවට බැලුවට විකුණන්න උත්සාහ කරන්නේ උපරිම මිලකට.හැබැයි වාහන වෙළඳපොල තීරණය වන්නේ තමන්ගේ වාහනය මතයි.වාහනයට අමතර කොටස් බහුල, service කරන ස්ථාන වැඩි, සුලභ වාහනයක් නම් ඔබේ වාහනයට ඉහළ වටිනාකමක් තියෙනවා.ඒ වගේම අමතරකොටස් අඩු, වාහනය service කරන්න දන්නා අය අඩු නම් වාහනය දෙන්න වෙන්නේ මිල අඩු මිලකට.

02) ඒ වගේම ඔබේ වාහනයේ මිල නියම කරන විට ඔබ අපේක්ෂා කරන මිලට වඩා ටිකක් වැඩි මිලක් නියම කරන්න.

03) වාහනය විකිණීමට කලින් වාහනයේ අඩුපාඩු සහ ගෙවී ඇති කොටස් අලුතින් දාන්න. එතකොට ඔබට වැඩි ගාණකට විකුණාගන්න පුළුවන්.

04) වාහනය ගැන විමසීම් කරත්දී ඔවුන්ගේ මිල ඔබේ අපේක්ෂිත මිලට වඩා අඩු නම් කලබල වෙන්න එපා. ඔබේ කතා බහ සහ ඔබ වාහනය ඔබේ මිලට විකුණන්නට හේතු වන කාරනා ඔවුන් හට පැහැදිලි කරලා දෙන්න.එතකොට බය වෙන්න දෙයක් නැහැ.

05) වාහනය මිලදී ගන්න එන අයට ඔබේ වාහනය මේ ඉහළ තත්වයෙන් නඩත්තු කිරීම, ඔබ වාහන service කරන ස්ථානය, ගැන පවසන්න. එමඟින් ඔබ වාහනය ගැන දක්වන සැලකිල්ල සහ වාහනයේ තත්වය ගැන ඉතා ඉහල තක්සේරුවක් ඔවුන් තුළ ඇති වෙයි .

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *