Press "Enter" to skip to content

Epilepsy හැදුනොත් මොකද කරන්නේ ? හරියටම දැනගන්න.

අපස්මාරය එහෙමත් නැත්නම් සාමන්යයෙන් ඇතිවෙන ෆිට් එක ගැන අද කතා කරන්න හිතුවා.මොකද අපස්මාරය කියන්නේ ජිවිතයට අවදානමක් ගෙන බරපතල රෝගයක්.ඒ නිසා මේ රෝගය ගැන අවධානයෙන් ඉන්න එක ගොඩක් හොඳයි.මේ රෝගය ඔබට නොතිබුනත් ඒ ගැන දැනුවත් වෙලා ඉන්න එක හැමෝටම හොඳයිනේ.
අපස්මාරය කියන්නේ ? සාමාන්‍යයෙන් මොළයේ ස්නායු සෛලවල විද්‍යුත් සංඥා ගමන් කරන්නේ අවශ්‍ය වෙලාවලට විතරයි.ඒත් ස්නායු සෛල හරහා වේගයෙන් අසාමාන්ය ලෙස විද්‍යුත් සංඥා ගමන් කරද්දී තමයි මේ රෝගී තත්වය ඇති වෙන්නේ.

රෝග ලක්ෂණ

• අතපය ගැහෙනවා
• ඇස් උඩ යාම
• බෙල්ල පැත්තකට යාම
• සිහි නැතිවීම
• අතපය දරදඩුවීම හෝ ඇඹරීම

මේ රෝග ලක්ෂණ ඇතිවීමට බලපාන හේතු අතරින් හේතු හඳුනාගත හැකි තත්වයන් තිබෙනවා.

• උපදින අවස්ථාවේ ඇතිවන තත්ත්වයන්.
• මොළයේ උණ (Meningitis)
• උපතේදී ඔක්සිජන් සැපයීමේ ප්රමාදයක්,දුර්වලතාවයක් හෝ උපතේදී හිසට හෝ මොළයට සිදුවන බලපෑමක්.
• මොළයේ ආබාධ සහිත දරු උපත්
• වයස අවුරුදු 45ට වැඩි අයට ඇති වූ අංශභාග තත්ත්වයක්
• මොළයේ ගෙඩි හෝ පිළිකාමය තත්ත්වයක්
• මොළයට හෝ හිසට ඇතිවන අනතුරක් හෝ ඖෂධ හෝ විෂබීජ නිසා ඇතිවන අහිතකර බලපෑමක්.

අපස්මාරය හැදුනොත්

• අපස්මාරය වැළදුණ කෙනෙක්ට කිසිම දියරයක් හෝ ආහාරයක් ලබා දෙන්න එපා.
• නිතර නිතර ෆිට් එක හැදෙන කෙනෙක් එක්ක ඉන්නව නම් ඔවුන් සිහිය නැති වී ඇදගෙන වැටුනොත් ඒ පුද්ගලයා ගැන හොඳ අවධානයකින් ඉන්න
• රෝගී තත්වය ඇති වුන කෙනෙක්ගේ ඇදුම් ලිහිල්කර ටයි පටි පලදා ඇත්නම් ඒවා ගලවා බිම දිගා කර බෙල්ල පැත්තකට හරවා තැබිය යුතුයි
• විශේෂම දේ තමයි කටට හැදි හෝ වෙනත් යකඩ වැනි දේ දැමීම නොකල යුතුයි

More from | Be HealthyMore posts in | Be Healthy »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *