Press "Enter" to skip to content

ලස්සන ඇඳුමක් අඳින්න බැරි තරම් මහතයිද ? කෙට්ටුවට පේන්න ඕනේ නම් මේ විදිහට කරන්න

අපි හැමෝම උත්සහ කරන්නේ ඇඳුමක් ඇන්දහම අපේ තියෙන පෙනුමට වඩා තවත් ලස්සනට පේන විදිහට ඇඳුම් අඳින්න.ගොඩක් කෙට්ටු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම බලන්නේ ටිකක් මහතට පේන විදිහට ඇඳුම් අඳින්න.අන්න ඒ වගේ මහත අයටත් ප්රශ්නයක් තියෙනවානේ.එයාලට ඕනේ තමන්ගේ තියෙන මහත අඩුවෙන් පේන විදිහට අඳින්න.ඉතින් මම අද කියන්න යන්නේ මහත අයගේ කෙට්ටු කරලා පෙන්නන්න පුළුවන් Fashion කිහිපයක් ගැන.

දිග අතට ඉරි සහිත ඇඳුම්

සාමාන්‍යයෙන් දිඟ අතට ඉරි තියෙන ඇඳුම් වලින් ඕනෙම කෙනෙක් කෙට්ටුවට පේනවා.ඒ වගේම ඉරි ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න තමන්ගේ උසත් වැඩි වෙලා පේනවා.ඒ නිසා ඉරි අතර දුර අඩු සිහින් ඉරි සහිත ඇඳුම් තෝරා ගන්න.

අඳුරු පැහැ ඇඳුම්

සමහර අයගේ ශරීරයේ ඉනෙන් උඩ කොටස මහතයි.තවත් අයගේ ඉණෙන් පහළ කොටස මහතයි.අන්න එහෙම අය ඇඳුම් තෝර ගන්නකොට හොඳින් සැළකිලිමත් වෙන්න ඕනේ.ඒ කියන්නේ ඔයාගේ ඇඟෙන් උඩ කොටස මහත නම් කළු පාට T – shirt, Blouse වගේ දේවල් ගන්න.

අසමමිතික රේඛා

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි බඩ කියන්නේ.බඩ නිසා ගොඩක් අය ඇඳුම් අඳින්න ගියාම ගොඩක් අපහසුතාවයට පත් වෙනවා.ඒ නිසා ගොඩක් බඩ තියෙන අය අසමමිතික හැඩ සහ රේඛා තියෙන ඇඳුම් අඳින්න.එතකොට බඩ පේන එක වෙනුවට ඇස් යන්නේ ඒ හැඩ වලට

High waist ඇඳුම්

සාමාන්‍යයෙන් High waist ඇඳුම් ඇන්දම ඕනෙම කෙනෙක් උසට පේනවා.ඉණ ඉහළට අඳින Skirts හෝ Trusers වලින් කකුල් උසින් වැඩි කරලා පෙන්වන්න පුළුවන්.මේක තවත් හොඳට පෙන්න නම් ඉණට Belt එකක් දාන්නත් අමතක කරන්න එපා

V හැඩැති කර

ගොඩක් අය නොදන්න දෙයක් තමයි V කර සහිත ඇඳුම් වලින් සිරුර සාමාන්‍යයෙන් ප්‍රමාණයට වඩා දිගු කරලා පෙන්නවා.ඒ වගේම ඉණෙන් ඉහල කොටස ටිකක් විශාල අයට තමන්ගේ සිරුරේ තියෙන සමබරතාවය පෙන්වන්නත් V කතර සහිත ඇඳුම් වලට පුළුවන්.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *