Press "Enter" to skip to content

හොඳම යාළුවා ඔබව ලෙඩ කරන හැටි

Phone එක කියන්නේ අපි හැමෝගෙම ප්‍රධාන අවශ්‍යතා වලින් එකක්.අපි රෑට නිදාගන්නෙත් ඔක දිහා බලාගෙන ,උදේට නැගිටින්නෙත් ඕක දිහා බලාගෙන ,සමහර වෙලාවට දවස ගෙවන්නෙත් Phone එක දිහා බලාගෙන.ඉතින් ඒ කොහොම වුණත් Phone එක කියන්නේ අපේ ගොඩක් වැඩ පහසු කරන උපාංගයක්.ඒ වුණත් සෞඛ්‍යට නම් අහිතකරයි.කොහොමද අපෙ සෞඛ්‍යට අහිතකර වෙන්නේ කියලා අද අපි බලමු.

පිළිකා අවධානම

නිතරම ගීතවලට සහ දීර්ඝ දුරකථන සංවාදවල නිරතවෙනවා නම් කාලයක් යනකොට මොළයේ ගෙඩි හෝ පිළිකා තත්ත්වයන් ඇතිවීමේ අවධානමක් තිබෙනවා.ගොඩක් වෙලාවට මේ අවධානම එන්නේ ප්රමිතියෙන් සහ තත්වයෙන් අඩු ජංගම දුරකථන භාවිතා කිරිම නිසා.ඒ නිසා නිතරම ජංගම දුරකථනය ගන්නකොට උසස් තත්වයේ නිශ්පාදනයක් ගන්න

  • දුරකතනයෙන් නිකුත්වන අහිතකර කිරණ හා වැඩි වේලාවක් තිරය දෙස බලා සිටීමෙන් දෘෂ්ඨි අපහසුතා ඇති වෙනවා
  • නිදන්ගත රෝගී තත්වයන් ඇති වෙනවා
  • මානසික ආතතිය ඇති වෙනවා
  • අධික ලෙස දුරකථනයට ඇබ්බැහි වී සිටින අයට විශාද තත්ත්වය ඇති වෙනවා.
  • දුරකථනය කොට්ටයට යටින් තියාගන හෝ ඇඳේ තබාගන නිදාගන්නවා නම් එයින් නිකුත්වන අහිතකර ක්ෂුද්‍ර කිරණ සෘජුවම නින්දට බලපෑම් ඇති කරනවා.
  • ඒ වගේම නිතරම ජංගම දුරකථනය දෙස බලා සිටීමෙන් උදෑසන අවදි වීමේදී අධික හිසරදය ඇති වෙන්න පුළුවන්.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *