Press "Enter" to skip to content

සමබර ආහාර වේලක් කියන්නේ මොකක්ද කියලා තාමත් දන්නේ නැද්ද ? එහෙනම් මේ ඔබ කියවිය යුතුම ලිපිය

සමබර ආහාර වේලක් කිව්වම එක එක අය එක එක විදිහට හිතනවා.හැබැයි ඇත්තටම සමබර ආහාර වේලක් කියන්නේ මොකක්ද කියලා ගොඩක් අය දන්නේ නැහැ.ඒ නිසා අද මම කියන්නම් තමන්ගේ ආහාර වේල් 03 සමබර ආහාර වේලක් කරගන්නේ කොහොමද කියලා

උදේ ආහාරය
සමබර උදේ ආහාරයකදී නියමිත ප්‍රෝටීන් ප්‍රමාණයක්, කාබෝහයිඩ්රේට ප්‍රමාණයක් සහ අනෙකුත් විටමින් හා ඛනිජ ලවන තියෙන්න ඕනේ.හැබැයි එහෙමයි කියලා මෙතන තියෙන ගුණ වලින් එකක් හරි අඩු කළොත් ඒක සමබර ආහාර වේලක් වෙන්නේ නැහැ.ගොඩක් අය එහෙම කරන නිසා තමයි ලංකාවේ බොහෝ පිරිසක් ප්‍රෝටීන් ඌණතාවයෙන් පෙලෙන්නේ. ඉතින් ඔයාගේ උදේ ආහාර වේලට බිත්තරයක්, යෝගට් එකක් හා නිවිති කොළ කීපයක් එකතු කරගන්න.එතකොට සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් , කාබෝහයිඩ්රේට් හා ඛනිජ ලබාගන්න පුළුවන් .

දවල් ආහාරය
ගොඩක් අය කරන දෙයක් තමයි බත් ගොඩක් බෙදාගෙන එළවළු ටික ටික බෙදාගන්න එක.ඒක හරිම වැරදි.ඒ වගේම ප්‍රෝටීන් ලැබෙන්න කියලා බිත්තර ,මාළු වගේ දෙයක් දවල් ආහාරයට එකතු කරගන්නවා.ඒකෙන් තමන්ට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ නැහැ.සාමාන්‍යයෙන් සමබර දහවල් ආහාරයකදී ප්‍රෝටීන් අධික එළවළු කීපයක්, පළා වර්ගයක්, හා බිත්තරයක් වැනි අමතර ප්රෝටීන් කොටසක් එකතුකරන්න පුළුවන්.

හැබැයි අනවශ්‍ය විදිහට කාබෝහයිඩ්රේට ගත්තොත් දියවැඩියාව හැදෙන්න ඉඩ තියෙනවා කියන එකත් මතක තියාගන්න.ඒ නිසා බත් පිඟානෙන් 2/5ක් බත්, 2/5ක් එළවළු හා අනිත් 1/5 මස් හෝ මාළු වර්ගයක් වෙන්න ඕනෙ.

රාත්‍රී ආහාරය
රාත්‍රියට නම් ගොඩක් ආහාර ගන්න පුරුදු පුරුදු වෙන්න එපා.එහෙමයි කියලා රාත්‍රී ආහාරය නොගෙන ඉන්න එපා.මොකද සමහර අය Diet කරනවා කියලා රාත්‍රී කෑම වේල නොගෙන ඉන්නවා.අන්තිමට ගැස්ට්රයිටිස් හදාගෙන ඒවාට බෙහෙත් ගන්නවා.ඒ වගේම බර අඩු කරගන්න Diet විතරක් කරලා වැඩක් නැහැ.ව්‍යායාම කරන්නත් ඕනේ.

ඉතින් ඔයාට පුළුවන් ව්‍යායාම කරන ගමන් රාත්‍රීයට සමබර ආහාර වේලක් ගන්න.රාත්‍රී ආහාර වේලට එළවළු සලාදයක්, උදේට / දවල්ට බිත්තරයක් කෑවේ නැත්තම් බිත්තරයක්, පාන් පෙති 2-3ක්, හා යෝගට් එකක් එකතු කරගන්න පුළුවන්.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *