Press "Enter" to skip to content

ණයක් ගන්න කළින් හිතන්නම ඕනේ දේ මෙන්න

අපිට සමහර හදිසි අවස්ථා වල වගේම ව්යාපාර වලටත් සල්ලි අත්‍යවශ්‍ය වෙනවා.ඒකට හේතුව ඉතින් අපි ළඟ තියෙන ,මුදල් ප්‍රමාණවත් නොවීම.එතකොට අපිට ඊළගට කරනන් තියෙන්නේ ණයක් ගන්න එක තමයි.හැබැයි ණය ගණන් එක හොඳ වැඩක් නම් නෙමෙයි.මොකද ණය ගත්තම ගෙවාගන්න බැරුව හිර වෙනවා,එහෙමත් නැත්නම් ණය ගැනීම පුරුද්දට යනවා,ඒ නිසා ණය ගන්න කළින් හිතන්න ගොඩක් දේවල් තියෙනවා.

01) මුලින්ම හිතන්න ඔයාට ඇත්තටම ණයක් ගන්න අවශ්යද කියලා.ඒ ඇයි දන්නවද ඒ මුදල ඔයාගේ ඉතුරු කිරීම් වලින් හරි එහෙමත් නැත්නම් දන්න අදුනන කෙනෙක්ගෙන් හරි ඉල්ලගන්න පුළුවන්.ඒ නිසා ඒ ගැන හොඳට හිතලා බලන්න

02) ඊළඟට ඔයාගේ ව්යාපාරයේ අය වැය පරික්ෂා කරලා කරලා එම මුදල් ගෙවීමේ හැකියාව තියෙනවද කියලා බලන්න

03) ඔයා ගන්නා මුදල් අපතේ යාම වළක්වාගන්න ඕනේ නිසා අනිවාර්යයෙන් අවශ්‍ය වන්නේ කොපමණ මුදලක්ද කියලා පරික්ෂා කරගන්න.ඊට පස්සේ අවශ්‍ය මුදල පමණක් ලබා ගන්න

04) කුමන කාලයකදී වුවත් ගෙවීමේ හැකියාව තියෙනවද කියලා බලන්න.ඒ කියන්නේ මෙහෙමයි.අපේ කාලේ හැමදාම එක වගේ නැහැනේ.අතේ මුදල් ගැවසෙන කාල තියෙනවා, නැති කාල තියෙනවා.අන්න ඒ හැම කාලයකදීම බය නැතුව ණය මුදල් ගෙවීමේ හැකියාව තියෙනවද කියලා හිතලා බලන්න.

05) ඊලඟට ණය ගෙවන කාලය සැලසුම් කරගන්න.මොකද ණය මුදල නැවත ගෙවීමේ කාල වැඩි වන තරමට අමතරව ගෙවන මුදල වැඩි වෙනවා.ඉතින් ඔයා අරගෙන තියෙන්නේ බැංකු ණයක් නම් ගොඩක් වෙලාවට නැවත ගෙවීමේ සෑම අවස්ථාවකම පොලිය සමග ණය මුදලේ කොටසකුත් ගෙවන්න සිද්ධ වෙනවා.

06) ගොඩක් අය ණය ගන්නනේ ඇබ්බැහි වෙන්නේ.හැබැයි ඔයා එහෙම වෙන්න එපා.ණය ගෙවන්න ඇබ්බැහි වෙන්න.ණයක් ගන්නකොට ඒ ණය මුදලට ගෙවන පොලී මුදලට වඩා වැඩි මුදලක් එම ණය මුදලින් උපයන්න සැලසුම් කර ගන්න.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *