Press "Enter" to skip to content

වෛද්‍යවරයෙක් ගාවට යන්න කලින් ඔබත් මේ වැරදි කරනවද?

අසනීපයක් වුණ ගමන් දුවන්නේ වෛද්‍යවරයෙක් ගාවට. හැබැයි වෛද්‍යවරයෙක් ගාවට යන්න කලින් ඔබ දැන හෝ නොදැන කරන වැරදි කිහිපයක් ගැනයි behappy තුළින් අපි අද කියන්න යන්නේ.

  • ඉන්නවා කොච්චර දරුණු රෝග ලක්ෂණ පෙන්නුවත් doctor ගාවට යන්න කලින් ගෙදර තිබෙන බෙහෙත් බොනවා. හැබැයි ඒක එච්චර හොඳ දෙයක් නම් නෙවෙයි. ඔබ එහෙම කළාම doctor ලෙඩ ලේසියෙන් හොයාගන්න ටිකක් අමාරු වෙනවා. මොකද ඔබ කලින් බීපු බෙහෙත් වලට රෝග ලක්ෂණ යටපත් වන නිසා වෛද්‍යවරයාට ලෙඩේ හොයාගන්න ටිකක් අසීරු වෙනවා. ඔබ එලෙස බෙහෙත් බොනවා නම් කලින් තිබ්බ රෝග ලක්ෂණ හොඳින් මතක තියාගන්න.
  • ඒ වගේම කෝපි වගේ කැෆේන් සහිත පාන වර්ග, පානය කොහෙත්ම සුදුසු නැහැ. එමඟින් රුධිර පීඩනය අධිකව වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා වෛද්‍යවරයා හමුවට යන්න පැයකට පෙර වත් කැෆේන්වලින් භාවිතය නතර කරන්න.
  • දැන් ගොඩක් අය විශේෂයෙන්ම කාන්තාවන් මොන අසනීපය තිබ්බත් වෛද්‍යවරයා ගාවට යන්න කලින් මේකප් එක නම් අනිවාර්යයෙන් දානවා. හැබැයි මතක තියාගන්න වෛද්‍යවරයා ගාවට යන්න කලින් නිය ආලේපන භාවිතා කිරීමෙන් සහ මේකප් භාවිතා කිරීමෙන් වළකින්න. මොකද සමහර රෝග ලක්ෂණ බලන්න වෙන්නේ ඔබේ සමේ වෙනස්කම් වලින්. මූණේ ඇස් වටා වගේම නියපොතු ආශ්රිත දිලීරය නිරීක්ෂණය කරන්න වෛද්යවරයාට සිදු වෙනවා.
  • එමෙන්ම වෛද්‍යවරයාට හමුවට යාමට පෙර බියර් හෝ අරක්කු වැනි මධ්යසාර භාවිතා කිරීමෙන් වළකින්න. මොකද මාධ්‍යසාරවල කොලෙස්ටරෝල් තියෙනවා. ඒ නිසා ඔබට කොලෙස්ටරෝල් නැතුව කොලෙස්ටරෝල් වලට ප්‍රතිකාර ගන්න වෙයි.
  • ඔබ රුධිර පරීක්ෂාවක් කරන්න හිතාගෙන යනවා නම්, නිසි කෑම පාලනයක් සිදු කරන්න වෙනවා. හැබැයි වතුර බොන එක නම් නරක නැහැ. පුළුවන් තරම් වතුර බොන එක හොඳයි. මොකද සාමාන්යයෙන් වෛද්‍යවරයා හමුවන්න ගියත් රුධිර පීඩනය බැලුවොත් ඒකට වතුර නොබී සිටීම බලපානවා.
  • ඔබ වෛද්‍යවරයා ගාවට යන්නේ පියයුරු පිළිකා හඳුනා ගැනීමේ පරික්ෂාව වන මැමොග්රම් පරික්ෂාවට නම් ඩියෝඩ්රන්ට් භාවිතා කරන්න එපා. එය අති සියුම් පරික්ෂාවක්. ඩියෝඩ්රන්ට් භාවිතා කළොත් පිළිකාවක් නැතත් පිළිකාවක් ඇතැයි හිතන තැනට පත් කෙරෙනවා. ඒ, ඩියෝඩ්රන්ට් එකේ අඩංගු සංඝටක කීපයක් පරීක්ෂාවෙන් අපේ සිරුරේ ඇති දේවල් විදියට හඳුනා ගැනෙන්නේ.
  • ඔබ ඇස් පරික්ෂාවකට යනවා නම් ජංගම දුරකථනය භාවිතයෙන් වළකින්න. එය ගෙදරට පරික්ෂාව ඉවර වන තුරු එළියට ගන්න එපා. මොකද එකේ ස්ක්රීන් එකේ තියන බ්ලූ ලයිට් එක අපේ ඇස්වලට ගොඩක් වෙහෙසකරයි. ඒ නිසා phone දිහා බලන් ඉඳලා ඇස් පරීක්ෂාවට ගියාම ගොඩක් දේවල් වරදින්න පුළුවන් බවත් මතක තියාගන්න.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *