Press "Enter" to skip to content

Office එකකද වැඩ කරන්නේ ? එහෙනම් හරියට වාඩි වෙලා, වෙලාවට නැගිටින්න.

අපි ගොඩක් අය කරන්නේ office වල දවසම වාඩී වෙලා ඉන්න job .ඉතින් එහෙම නිකන් වාඩී වෙලා ඉන්නේ නැහැනේ.අපි වාඩි වෙලා laptop එක දිහා බලාගෙන ඉන්නවා.වැඩේට ඔලුව හැදුනට පස්සේ නැගිටින්න තියා කන්න බොන්නවත් idea එකක් නැහැ.ඒක නම් හොඳ දෙයක් නෙමෙයි.හැබැයි ඔහොම ඉන්නකොට මොකද දන්නවද වෙන්නේ.අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව, ආතතිය, අස්ථි සහ මස්පිඩුවල ආබාධ ඇති වෙන්න ඉඩ තියනවා.ලේසි නැහැ නේද දවසම වැඩ කලාට.ඔය කොහොම වුණත් අපිටම පුළුවන් ඒ වගේ තත්වයක් ඇති නොවෙන විදිහට වැඩ කරන්න

හරියට වාඩී වෙන්න

මේක තමයි මෙතැනදී කරන්න ඕනේ වැදගත්ම දේ.ඒ වුණාට ගොඩක් අය වැඩේ පටන් ගන්නකොට කොච්චර හොඳට වාඩි වෙලා හිටියත් ටික වෙලාවක් යනකොට laptop එකටම පාත් වෙනවා.ඊටපස්සේ ඉන්නේ කුදු වෙලා.එහෙම නම් ඉන්න එපා.අද ඉදන් ඔයා ඉන්න ක්‍රමය වෙනස කරන්න.කොන්ද කෙළින් සහ උරහිස් පසුපසට හිටින විදිහට ඉඳගෙන තමන්ගේ laptop තිරයට කෙලින් ඇස් යොමුවන විදිහට ඉඳගන්න එක තමයි වෙන්න ඕනෙ

වෙලාවට හිටගන්න

වෙලාවට හිටගන්න කියන්නේ ඔයාට කවුරුත් ඇවිත් මේ වෙලාවට හිටගන්න කියන්නේ නැහැ.ඒක කරන්න ඕනේ ඔයාට වෙලාවක් ලැබුණු ගමන්.දැන් අපි හිතමු ඔයාට Call එකක් එනවා.එතැනදී කරන්න ඕනේ පුටුවේ හොඳට වාඩි වෙලා කතා කර කර ඉන්න එක නෙමෙයි.ඒ වෙලාවට පුටුවෙන් පොඩ්ඩක් නැගිටලා ,එහෙම නැත්නම් පොඩ්ඩක් ඇවිදින්න පුළුවන් නම් ඒ විදිහට කතා කරන්න.පුටුවෙන් නැගිටින්න අවස්ථාවක් ලැබුණු ගමන්ම නැගිටින්න
ඒ විතරක් නෙමෙයි ඇවිදින්නත් ඕනේ.අපි හිතමු ඔයා හැමදාම office එකේ ඔයා වැඩ කරන තැනට යන්නේ lift එකේ කියලා.අද ඉදන් lift එකේ යන්න එපා.පඩිපෙල් ඇවිදගෙන යන්න.ගෙදර ඉදන් office එකට ඔයා බස් එකේ එනවා නම් වෙනදා බහින තැනට කලින් තියෙන හෝල්ට් එකේ බැහැලා පයින්
office එකට එන්න.

වතුර බොන්න

මේක ඉතින් හැමදාම කිව්වත් වෙන වැඩක් නම් නෙමෙයි.හැබැයි තමන් දැනගන්න ඕනේ ඒක කරන්න.වතුර බොන එක ඉබේ සිද්ද වෙන දෙයක් තරමට හුරු කරගන්න උත්සහ කරන්න.වතුර බොන්නේ නැතුව කරනකොට වෙන දේ දන්නවද.විජලනය වෙනවා ,ඔලුව කැක්කුම එනවා ,ඒ මදිවට හොඳටම stress එකත් වැඩි වෙනවා.එතකොට ඉතින් effective විදිහට වැඩ කරන්න ලැබෙන්නේ නැහැ.ඒ නිසා පිරිමි කෙනෙක්නම් දිනකට ජලය ලීටර 3ක් සහ කාන්තාවක් නම් ලීටර් 2.2ක් බොන්න try කරන්න

වෙලාවට කන්න

වෙලාවට කන්නේ කොහොමද ? වැඩ කරන්නේ කවුද ? අහ් හොඳ ප්‍රශ්නයක්.වැඩ කරන්නෙත් ඔයා ,කන්නෙත් ඔයා.ඔයා හිතනවද කන්නේ නැතුව ,ඇඟට පන නැතුව හරියට වැඩක් කරන්න පුළුවන් කියලා.ඒකෙන් වෙන්නේ කාලය කන එක විතරයි.ඒ නිසා උදේට කන වෙලාවට උදේට කන්න.එහෙම නැත්නම් office එකට ගිහින් වැඩ පටන් ගන්න කළින් කාලා වැඩ පටන් ගන්න.දවල්ට කනකොට වැඩ කරන තැන ඉදගෙන කන්නේ නැතුව lunch room එකට ගිහින් නිදහසේ කන්න.වැඩ කරන ගමන් කන්න එපා කිසිම වෙලාවක.ඒ වගේම පුළුවන් තරම් ගෙදරින් අරගෙන එන කෑම කන්න පුරුදු වෙන්න.එතකොට ඔය එන්න තියෙන ලෙඩ වුණත් පාලනය වෙනවා

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *