Press "Enter" to skip to content

අතින් ආහාර ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන ඔබට හිතාගන්නවත් බැරිවෙයි.

එක්කෙනක් දෙන්නෙක් හැන්දෙන් ගෑරුප්පුවෙන් කෑවට ලංකාවේ ගොඩක් අය කෑම කන්නේ අතින්. සාමන්‍යයෙන් ආයුර්වේදයට අනුව නම් අපේ ඇඟිලි 5 පොළොව, ජලය, ගින්න, අවකාශය, වාතය යන මූල්ය ද්රව්ය 5 එකතුවක්. ඔබ දන්නවද අතින් කෑම කද්දී ඔබට සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ලබා ගැනීමෙන් හැකියාව තියෙනවා. විශේෂයෙන්ම එමඟින් ඔබේ ශරීරය විතරක් නෙවෙයි මනස ද පෝෂණය කරනවා.

දෑතින් ආහාර ගැනීමේදී ලැබෙන වාසි

  • ආහාර වලට අපේ ඇඟිලි ස්පර්ශ වන මොහොතේ සිටම ඇඟිලි තුඩුවල ඇති ස්නායු ආහාර ගැනීමට සූදානම් වන බව මොළයට සංඥා කරනවා. එවිට ආමාශය ආහාර ජීර්ණයට අවශ්‍ය එන්සයිම සහ ආහාර ජීර්ණ යුෂ මුදා හැරීමෙන් ආහාර ජීර්ණයට සූදානම් වෙනවා. මෙලෙස අතින් ආහාර ගැනීමේදී ඔබේ ආහාර ජීරණය වැඩි දියුණු කරනවා. එමෙන්ම ඇඟිලිවල ස්නායු වීමට යන ආහාරවල ස්භාවය හා උෂ්ණත්වය සොයා ගැනීමට උදව් වෙනවා.
  • ආහාර ඔබේ ඇඟිලිවලට සම්බන්ධ වූ විට, එය ආහාරයේ රසය හා සුවඳ පිළිබඳ ඔබේ මොළයට දන්වනවා.එය ඔබේ මනස සංසුන් මනසින් ආහාර ගැනීමට ද උදව් වන අතර ඔබේ සියලුම සංවේදනයන් සමඟ සම්බන්ධ වෙනවා.
  • සාමන්‍යයෙන් අපේ අතේ නිරෝගී බවට අහිතකර වගේම හිතකර බැක්ටීරියා වර්ග තියෙනවා. අපි අතින් කෑම කද්දී අතේ තියෙන අහිතකර බැක්ටීරියා සමඟ සටන් කර හිතකර බැක්ටීරියා වර්ධනය කරනවා. එමඟින් ඔබේ ස්වාභාවික ප්‍රතිශක්තිය ඉහළ නංවනවා.
  • අතින් ආහාර ගැනීමේන් රසවත් ආහාර වේලක රස බැලිය හැකි අතර ඔබේ දෑත් වල මාංශ පේශි වලට හොඳ ව්‍යායාමයක් ලැබෙනවා. ඒ වගේම රුධිර සංසරණය වැඩි කරන අතර අධික ලෙස ආහාර ගැනීම සීමා කරනවා. මෙමඟින් දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම ද අඩු කරනවා.ඒ, වේගයෙන් ආහාර ගැනීම ශරීරයේ රුධිරයේ සීනි විෂමතාවන්ට සම්බන්ධ වීම මීට හේතු වී තිබෙනවා.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *