Press "Enter" to skip to content

පියවර 05න් පොහොසත් වෙන්නේ මෙහෙමයි

අපි හැමෝම උත්සහ කරන්නේ හොඳට ඉගෙන ගෙන හොඳ රැකියාවක් කරලා ලොකු salry එකක් ගන්න.ඒ ගන්න salary එක ඉතුරු කරලා ධනවත් වෙන්නේ.හැබැයි ලෝකයේ ධනවත්ම අයට කවදවත් හරියට ඉගෙන ගන්න බැරි වුණා.ඒ අය හැමෝම පාසල් කාලය මඟ නතර කරපු අය.එයාලා අඩු ප්‍රමාණයක් ඉගෙන ගත්තට එයාලට ලොකු target තිබුණා.ඒ වගේම එයාලා ව්යපාර කළේ මොලයෙන් හිතලා.ඉතින් එයාලා මේ තරම් දුරට සාර්ථක වුණේ කොහොමද කියලා බලමුද

ඉගෙන ගන්න රැකියාව තෝරා ගන්න.

ගොඩක් අය රැකියා කරන්නේ කරන්නේ මුදල් ඉපයීමට, හැබැයි ඔයා සාර්ථකත්වය හඹා යන කෙනෙක් නම් ඒක කරන්න ඕනේ ඔයාගේ සාර්ථකත්වය සදහා අවශ්ය ප්රයෝගික දැනුම ලබා ගනන් එක. ලෝකයේ සාර්ථක වූ බොහෝ මිනිසුන් මුල් කාලයේ අඩු වැටුපකට, වැඩි වැඩ ප්රමාණයක් අත්දැකීම් ලබා ගන්න ඕනේ නිසා කරලා තියෙනවා. හැබැයි ඇත්තටම ඔයා රැකියාවක් කරන්න ඕනේ,

  1. නායකත්ව හැකියා වර්ධනය කර ගැනීමට
  2. කළමනාකරණ හැකියාවන් වර්ධනය කර ගැනීමට – (මුල්ය හා ව්යාපාර ක්රමවේදයන් පිලිබදව.)
  3. විකුනුම් හා අළෙවිකරණ හැකියාවන් වර්ධනය කර ගැනීමට.

උපදේශකවරයෙක් හෝ අනුගමනය කල යුත්තේ කවුද ?

සාර්ථක හෝ ඒ වෙතට ළඟා වෙන පුද්ගලයක් හෝ පුද්ගලයන් ඇසුරු කිරීමට නිතරම පුරුදු වෙන්න. එය ඔබට අවශ්‍ය ප්‍රයෝගිකව දැනුම හා ශක්තිය ලබා දෙනවා.සාර්ථක වීමට තියෙන පහසුම මාර්ගය තමයි සාර්ථක මිනිසෙකු අනුගමනය කිරීම.

තමා වෙනුවෙන් වැඩ කරන්න

ඔයා කරන්න ඕනේ මුදල් වෙනුවෙන් වැඩ කරනවා වෙනුවට , ඔයාගේ සිහින හා ඉලක්ක ළඟා කරගැනීමට දවසේ වැඩි කාලයක් වෙන් කරන එක.එතැනදී ඔයාගේ රැකියාවෙන් ලබාගත්ත දැනුම සහ දක්ෂතා ඒ වෙනුවෙන් වැය කරන්න.ඒ විතරක් නෙමෙයි Busness එක ගොඩ නගන්න ඔයා වෙනුවෙන් වැඩ කරන සේවක කණ්ඩායමක් ඇතිකර ගන්නත් අමතක කරන්න එපා.

මුදල් නිපදවන්න.

මෙතැනදී වෙන්න ඕනේ ඔයා අනිත් අයට වඩා වෙනස් වෙන එක.ඒ කියන්නේ අනෙක් මිනිසුන්ට හසු නොවන අවස්ථාවන් ග්‍රහණය කර ගන්න.ඒ ග්‍රහණය කරගත්ත දේවල් ක්‍රියාත්මක කළොත් ඔයාට ධනවත් වෙන එක simple.ඒ නිසා හැමදාම අනෙක් අය යන පාරේ යන්නේ නැතුව තමන්ට ගැලපෙන සහ වාසිදායක වෙන විදිහට වැඩ කරන්න

ධනවත් වීමේ ප්‍රථිපල සමාජයට දෙන්න.

සෑම ධනවතෙකුගේම ධනවත් වීමේ එක් රහසක් තමයි දන්දීම කියන්නේ. ප්‍රයෝගිකව බැලුවොත් ලොව සුපිරි ධනවතුන් සෑම කෙනෙකුම පාහේ තම ආදායමෙන් කොටසක් මුල් කාලයේ සිටම දන්දීමට වෙන් කරලා තියෙනවා.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *