Press "Enter" to skip to content

ලප කැළැල් නැති දිඳුලන සමකට මෙන්න නොවරදින විසඳුම

Pimple එකක් ආවහම අපි හැමෝටම හිතට දුකක් දැනෙනවනේ.මොකද මුහුණේ තියෙන ලස්සන එකෙන් නැති වෙන නිසා.ඉතින් ඒ වගේ ලප කැළැල් ඇති වෙන එක නැති කරගෙන පැහැපත් skin එකක් ලබා ගන්නනේ අපි try කරන්නේ.මොකද කැපී පේන්න හැමෝම කැමතිනේ.ඉතින් මම අද ඔයාට කියන්න හදන්නේ කොහොමද ලප කැළැල් නැති skin එකක් ලබා ගන්නේ කියලා.

ලප කැළැල් ඇති වෙන්නේ ඇයි?

මුහුණේ කැළැල් ඇති වෙන්න ප්‍රධානම හේතුවක් තමයි පාරජම්බුල කිරණ වලට නිරාවරණය වීම.ඒ නිසා හිරු එලියට යන හැම වෙලාවකම sun cream එකක් use කරන්න.ඒ වගේ sun cream එකක් USE කරනවා නම් ලප කැළැල් ඇති වෙන එක නැති කර ගන්න පුළුවන්.

ලෙමන් යුෂ – Lemon juice

• භාජනයකට ලෙමන් ගෙඩියක යුෂ ලබා ගන්න
• ඇඟිලි තුඩු අධාරයෙන් ලෙමන් යුෂ බිංදුව බැගින් කුරුලෑ කැළැල්මත තවරාගන්න
• දිනකට වරක් බැගින් සති තුනක් කිරීමෙන් හොඳ ප්රතිඵල ලබා ගන්න පුළුවන්

කෝපි – Coffee

• මුලින්ම මුහුණ සෝදා ගන්න
• ඊට පස්සේ කෝපි කුඩු ටිකකට ජලය ස්වල්පයක් එකතු කරලා mix දැන් මිශ්රණයෙන් ස්වල්පයක් ගෙන වක්රාකාර ලෙස සම මත පිරිමදිමින් විනාඩි 5ක් හෝ 10ක් පමණ සම්භාහනය කරන්න.

ඔලිව් තෙල් – Olive oil

• මුලින්ම මුහුණ සෝදා පිරිසිඳු කරගන්න
• දැන් ඇඟිලි තුඩු වලට ඔලිව් තෙල් ගෙන මුහුණේ ගාලා සම්භාහනය කරගන්න.
• ඊට පස්සේ තුවායක් රස්නේ වතුරෙන් පොඟවලා මිරිකාගෙන එය මුව මත තබාගන්න
• විනාඩි කිහිපයකට පසු මුව සෝදාගන්න.
• මේ සත්කාරය දිනපතා සිදුකරන්න

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!