Press "Enter" to skip to content

සමබරව ජීවිතයේ සැනසීම හොයන හැටි

ජීවිතේ කියන්නේ ලේසී පහසු දෙයක් නම් නෙමෙයි.හරිම සංකීර්ණ දෙයක්.මේ ජිවිතයේ සැනසීම හොයාගන්න එක හරිම අමාරුයි.ඒ සැනසීම හොයාගන්න නම් හැමදෙයක්ම සමබර විදිහට කරගෙන යන්න ඕනේ.ඉතින් ඒ විදිහට අපි ජිවිතයේ සමබර කරගන්න ඕනේ මොනවද කියලා අද අපි බලමු

පවුල

අපේ ජීවිතය පටන් ගත්තු තැන තමයි පවුල කියන්නේ,ඒ නිසා අපි අනිවාර්යයෙන් ගෙදර ගැන ,ගෙදර අය ගැන බලන්න ඕනේ. පවුලේ සාමාජිකයන්ගෙන ආදරය සහ රැකවරණය ලැබෙනකොට අපේ හිතේ බයක් තියෙනවා නම් ඒවා නැති වෙනවා. ඒ නිසා ගොඩක් ලොකු සැනසීමක් ,සහනයක් ලැබෙනවා

රැකියාව

මානසික සහනය සහිතව ජිවත් වෙන්න හොඳ ආර්ථික තත්වයකුත් තියෙන්න ඕනේ.මොකද ජිවත් වෙන්න ආදරය විතරක් මදි.ඒ නිසා ඔයාගේ රැකියාවටත් ජිවිතයේ සම ස්ථානයක් ලබා දිය යුතුයි.ඒ වගේම තමන් කැමති ,අසාවෙන් කරන්න පුළුවන් රැකියාවක් වෙනවා නම් එකත් ජීවිතයට සතුටක්.

අධ්‍යාත්මික කටයුතු

ආධ්‍යාත්මික කටයුතු ඔයාගේ මානසික සැනසීම අත් කර ගන්න උදව් වෙනවා.ඒ කියන්නේ ආගමික කටයුතුම නෙමෙයි.අන් අයට උදව් උපකාර කරමින් ජිවත් වීම.ඒ විදිහට ජීවත් වෙනකොට අපි හිතනවටත් වඩා ලොකු මානසික සහනයක් ලැබෙනවා.

අවට සමාජය සහ පරිසරය

ඔයාගේ අසල්වාසීන්, මිතුරන් සමඟ හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගැනීමෙන් සහනයක් ලැබෙනවා.ගෙදර අයත් එක්ක ,අසල්වාසීන් එක්ක නිතරම ගනුදෙනු කරන්න.එයාලව හොඳින් ආශ්රය කරන්න.එහෙමත් නැත්නම් එයාලත් එක්ක ඉදලා හිටලා චාරිකාවක් යන්න.ඒකෙන් ඔයාගේ හිතට සතුටක් ,සැනසීමක් ලබාගන්න පුලුවන්. ඒ වගේම ඔයාගේ අවට පරිසරය පිරිසිඳුව තබා ගන්න.පිරිසිඳු පරිසරයක් සෑම විටම ඔබට ගෙන එන්නේ සහනදායි හැඟීම් සමුදායක්.

සෞඛ්‍ය තත්වය

සෞඛ්‍ය අයහපත් නම් අනිවාර්යයෙන් ඕනෙම කෙනෙක්ගේ මනස සංසුන් නැහැ.ඒ නිසා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරු වීම, ව්‍යායාම කිරීම, මානසික සහනය වෙනුවෙන් භාවනා කිරීම ඇතුළු සෞඛ්‍ය සම්පන්න පුරුදු වල නිරත වෙන්න. එතකොට සිරුරට වගේම මනසටත් සහනයක් ලබා ගන්න පුළුවන්.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *