Press "Enter" to skip to content

Green Tea බොන අය කියවිය යුතුම ලිපිය මෙන්න

Green Tea කියන්නේ ශරීරයට ගොඩක් හොඳ පානයක්.මොකද විටමින් සහ ඛනිජ ලවන බොහෝ ප්‍රමාණයක් තියෙන නිසා.ඉතින් දැන් ඉන්න ගොඩක් අය කරන බර අඩු කරගන්න Green Tea පානය කරනවා.හැබැයි ඒ හැමෝම හරියටම Green Tea පානය කරනවාද ? ඔව්.හැබැයි හැමෝම නෙමෙයි.සමහර අය විතරයි.අනිත් අය Green Tea තමන්ට හිතුනොත් පානය කරනවා,එහෙම නැත්නම් කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව වෙලාවක කලාවක් නැතුව පානය කරනවා.ඒ විදිහට Green Tea පානය කරන එකෙන් හොඳ ප්‍රථිපලයක් ලබා ගන්න වෙන්නේ නැහැ.ඒ නිසා Green Tea පානය කරන්න කලින් මෙන්න මේ දේවල් ගැන විශේෂයෙන් අවදානය යොමු කරන්න.

උදෑසන හිස්බඩ Green Tea බොන්න එපා.

උදෑසන හිස්බඩ Green Tea පානය කිරීම ඔබේ අක්මාවට කොහෙත්ම හොඳ දෙයක් නෙමෙයි. Catechins කියන සංඝටකය Green Tea වල අඩංගු වෙන නිසා Green Tea අධිකව පානය කිරීමෙන් අක්මාවට හානි සිදු වෙන්න පුළුවන්.අන්න ඒ නිසා Green Tea බොන්න හොඳම වෙලාව තමයි උදේ 10 සහ 11 අතර හෝ සවස් කාලය.

ආහාර වේල් අතර Green Tea පානය කරන්න.

ආහාර වේල් අතර Green Tea පානය කරන්නත් පුළුවන්. ආහාර වේලෙහි ඇති යකඩ සිරුරට නිසි ලෙස අවශෝෂණය වීමට නම් ආහාර වේලකට පැය 02 පෙර හෝ පසු Green Tea බොන්න පුළුවන්.ඒ වගේම කෙනෙක් රක්තහීනතාවයකින් පෙළෙනවා නම් ආහාර සමඟ Green Tea ගැනීමෙන් වලකින්න.

ව්යායාම කිරීමට පෙර Green Tea පානය කරන්න.

ඔබේ සිරුරේ මේද දහනය කිරීම වැඩි කිරීමේ හැකියාවක් Green Tea වල ඇති caffeine වලට පුළුවන්.ඒ විතරක් නෙමෙයි එයින් ලැබෙන ශක්තිය නිසා වැඩි වෙලාවක් ව්‍යායාම වල නිරත වීමටද හැකියාවක් තියෙනවා.

නින්දට පැය 02පමණ පෙර.

මෙහි ඇති Caffeine ඔබේ නින්දට බාධා කළ හැකි සංඝටකයක් නිසා ඇඳට යාමට පෙර බොන්න සුදුසු පානයක් නම් නොවෙයි. ඒ වගේම Green Tea වල අඩංගු Amino acids සහ L-Theanine යන සංඝටක වලට පුළුවන් කෙනෙක්ව අවධියෙන් තියන්න. ඒ නිසා රාත්රියේ නම් බොන්න සුදුසු නින්දට පැය 02 කළින්. මොකද එතකොට මන්දගාමී පරිවෘත්තීය ක්‍රියා වේගවත් කරන්න Green Tea වලට පුළුවන් වෙනවා

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *