Press "Enter" to skip to content

හැමදාම පැය 8ක් නිදාගත්තොත් බර අඩු වෙන බව ඔබ දන්නවාද ?

අපිට තියෙන Busy Life එකත් එක්ක නිදාගන්න වෙලාවක් නැති තරම්.සමහර වෙලාවට දවසටම නිදාගන්නේ පැයක් , දෙකක් වෙන්න පුළුවන්. පැය භාගයක්වත් නිදාගන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්.හැබැයි ඒක අපේ සෞඛ්යට ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි.හරියටම නම් අපි පැය 8ක්වත් නිදාගන්න ඕනේ.ඒක කියන තරම් ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.හැබැයි උත්සහ කළොත් බැරි වෙන්නෙත් නැහැ.ඒ නිසා මම අද කියන්නම් පැය 8ක් නිදාගත්තොත් මොනවද අපිට ලැබෙන්නේ කියලා.

බර පාලනය

පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා අපේ ශරීරයට ප්රමාණවත් තරම් ආහාර ලැබුණම ආහාර ගැනීමේ රුචිකත්වයෙන් අපව වලක්වන ලෙප්ටින් නිෂ්පාදනය සිදුවන්නේ නින්දේදී කියලා.ඉතිං අපි ප්රමාණවත් තරම් නින්දක් ලැබුණම ඒ හෝර්මෝන නිපදවීමේ සමතුලිතතාවය බිඳ වැටී අපේ ආහාර රුචිය වැඩි කරනවා.එතකොට අපේ බර වේගයෙන් ඉහළ ගිහින් අපේ බර වැඩි කරනවා.

දැනුවත් පුද්ගලයෙක් බවට පත් කරයි

පුරුද්දක් විදියට හැමදාම පැය 8ක් නිදා ගන්නවානම් ඒකෙන් ඔයාගේ මානසික ඒකාග්රතාවය, අවධානය සහ ගැටලු විසදීමේ හැකියාව ඉතා වේගයෙන් ඉහළ යනවා.ඒ වගේම ඉතා ඉක්මනින් තීරණ වලට එළඹීමේ හැකියාවක් ලැබෙනවා.

නිරෝගී පුද්ගලයෙක් බවට පත්කරනවා

දිනකට පැය 8ක් පුරුද්දක් ලෙස නිදාගැනීමෙන් ඔබගේ ආතතිය අඩුවෙනවා.ඒ වගේම අධික රුධිර පීඩනයෙන් , අධික කොලෙස්ටරෝල් අවධානම අඩු කරනවා.ඉතින් ප්‍රමාණවත් නොවන නින්ද හදවත ආශ්රිත රෝග වලට මූලික හේතුවක් වෙනවා.

අළුත් දේවල් ඉතා ඉක්මනින් ඉගෙන ගැනීම

ප්‍රමාණවත් තරම් නින්දක් නොලබනවා නම් අලුත් දේවල් හා නව හැකියාවන් වලට මනස ඒකාග්ර කිරීමේ හැකියාව අඩු වෙලා යනවා.මොකද මොලය තුළ නව තොරතුරු සදහා වූ ක්රියාවලිය සිදුවන්නේ නින්දේ දී. ඒ නිසා ප්රමාණවත් නින්දක් ලබාගෙන ඊළග දවසේ උදෑසන අවදි වෙනකොට ඔයාගේ මනස හා
ශරීරය පෙරදා නින්දට යනවිට තිබුනාට වඩා ඉතා හොද තත්වයක තියෙනවා.

දියවැඩියා තත්වයන් පාලනය කරනවා

රුධිරයේ ඇති සීනී හා ඉන්සියුලින් සදහා වූ සංවේදිතාවය නින්ද මඟින් නියාමනය කිරීම සිදුවන බව පරීක්ෂණ මඟින් සොයාගෙන තියෙනවා.එයින් දෙවන වර්ගයේ දියවැඩියාව ඇති වීම පාලනය කරනවා. හැබැයිඑහෙම වෙන්න නම් ප්රමාණවත් නින්දක් ලබා ගත යුතුමයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *