Press "Enter" to skip to content

කුඩා ව්‍යාපාර නව්‍යකරණය කරමින් සාර්ථක කරගන්නේ මෙහෙමයි

කුඩා ව්‍යාපාරවල නිරත වන්නන් බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් කුඩා ව්‍යාපාර කරගෙන යන අයට තම ව්‍යාපාරයේ වර්ධනයට හේතු වන ඵලදායිතාව සහ කාර්ය සාධනය වැඩි කරගත හැක්කේ කොහොමද කියලා තමයි මේ කියන්න යන්නේ.

මේ සඳහා විශේෂයෙන්ම වැදගත් වන්නේ නවෝත්පාදන බිහිකිරීමයි. ගෝලීය ගණකාධිකාරී සමාගමක් වන RSM International විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකට අනුව, සාර්ථක ව්‍යාපාරවලින් 86% ක් තම වර්ධනය උදෙසා නවෝත්පාදනය යොදාගෙන තිබෙනවා. ඉතින් අපි බලමු නවෝත්පාදන තම කුඩා ව්‍යාපරයේ දියුණුව සඳහා බලපා තිබෙනවා.

නවෝත්පාදනකියන්නේ ඔබේ ව්‍යාපාරයේ ඕනෑම කොටසකට යොදාගන්න පුළුවන්. එය වඩා හොඳ නිෂ්පාදන හා සේවා නිර්මාණය කිරීම, නව ක්‍රියාවලි හඳුන්වා දීම හෝ පවතින පද්ධති වැඩිදියුණු කිරීම වැනි අවස්ථාවන් වලදී වැදගත්.

නව අදහස්

නව අදහස් බිහිවීමට නම් තම ආයතනයේ සේවකයින්ට නිදහසක් පරිසරයක් නිර්මාණය කළ යුතුයි. ව්‍යාපාරයක් සාර්ථක වෙන්න නම් නිර්මාණශීලිත්වය සහ නව්‍යකරණයන් අනිවාර්යයයි. ඒ නිසා කායික ඇහෙම මානසික නිදහසත් සේවකයින්ට වැදගත්. එමෙන්ම ව්‍යාපාරය විසින් අනුගමනය කරනු ලබන යෝජනා, සහ ප්‍රතිලාභ ගැන කාර්ය මණ්ඩලය දැනුවත් කරන්න. එය ඔවුන්ට හොඳ motivation එකක්. ඒ සඳහා නිතිපතා ඔවුන්ව දැනුවත් කිරීමෙන් motivat වෙනවා වගේම රැස්වීම් සහ කණ්ඩායම් ගොඩනැඟීමේ හා පුහුණු සැසි පැවැත්වීමෙන් නිර්මාණාත්මක වාතාවරණයක් ඇති කළ හැකියි. සෑම විටම ආදර්ශවත්ව ඔවුන්ව මෙහෙයවන්න. ඔබේ ව්‍යාපාරයට අදාළ blogs සහ ලිපි කියවන්න උනන්දු කරවන්න.

දැක්ම පුළුල් කරන්න

කුඩා කණ්ඩායමක් පුළුල් කිරීම ටිකක් අසීරුයි. මොකද බොහෝ දුරට ලොකු ලොකු සමාගම් විසින් ඔබේ සාර්ථකත්වය නවත්වාලන්න උත්සහ කරනවා. ඒ නිසා ඔබේ ව්‍යාපාරයේ දැක්ම පුළුල් අදහස්, වෙනස්ම විදිහේ සාර්ථක වගේම ගුණාත්මක නවෝත්පාදනයන් බිහි කිරීමට උත්සහ කළ යුතුයි.

ගනුදෙනුකරුවන්ගේ ප්‍රතිචාර

ගනුදෙනුකරුවන් ඔබේ සමාගම සම්බන්දයෙන් දක්වන ප්‍රතිචාර ගැන වැඩි අවධානයක් යොමු කරන්න. ඔවුන්ගේ යෝජනා සහ අදහස් ලබාගෙන ඔවුන්ගේ කැමැත්ත විමසන්න, එමඟින් නවෝත්පාදනයන් බිහි කිරීමට නව අදහස් නිර්මාණය කරගත හැකියි.

නවෝත්පාදනයන් අත්හදා බලන්න

කිසිම වෙලාවක අවධානම් ගන්න බිය වෙන්න එපා. ඇතැම් අවස්ථා වලදී ඔබ එම අවධානම් සාර්ථක විය හැකියි. ඒ නිසා සාර්ථක වුණත්, නොවුණත් නිර්මාණය කරන නවෝත්පාදනයන්, නව අදහස් අත්හදා බලන්න. එය තමයි හොඳම ක්‍රමය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *