Press "Enter" to skip to content

රුධිර වර්ගයට අනුව සුදුසු නුසුදුසු ආහාර

මිනිසුන්ගේ රුධිරයේ A, B, AB සහ O ලේ ලෙස වර්ග 4යි. මේ රුධිර වර්ග වලට අනුව සෞඛ්‍ය තත්වයට බලපාන ජානමය සාධක ඇති වෙනවා. වෛද්‍යවරුන් පවසන්නේ, ඔ වර්ගයේ රුධිරය ඇති අයට හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු නමුත් ආමාශයේ වණ ඇතිවීමේ වැඩි අවදානමක් තිබෙනවා. A වර්ගයේ රුධිරය ඇති අයට කාන්තාවන්ට වැඩි සාරවත් බවක් ඇති අතර පිරිමි පුද්ගලයන්ට නම් බැක්ටීරියා ආසාදන සඳහා වැඩි අවදානමක් පවතිනවා. AB සහ B වර්ග දෙකම අග්න්‍යාශයික පිළිකා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති කරවනවා.

මේ අනුව එම රුධිර වර්ග වලට අනුව ඒ ඒ පුද්ගලයන්ට සුදුසු සහ නුසුදුසු ආහාර වර්ග පවා වෛද්‍යවරු නිර්දේශ කර තිබෙනවා. ඉතින් මේ කියන්න රුධිර වර්ගයට අනුව ඔබ ලබාගත යුතු ආහාර වර්ග සහ ඒවායේ ගුණ අගුණ ගැනයි.

A වර්ගයේ රුධිරය

A වර්ගයේ රුධිරයක් ඇති පුද්ගලයින් සුදුසු වන්නේ නිර්මාංශ ආහාර වේලක්. මොකද A වර්ගයේ රුධිරය ඇති පුද්ගලයින්ට ආමාශ ආම්ලිකතාවය අඩු මට්ටමකයි පවතින්නේ. ඒ නිසා ඔවුන්ට සත්ව ප්‍රෝටීන් සහ මේදය හොඳින් ජීර්ණය හැකියාවක් නැහැ. මේ නිසා ඔවුන්ට ස්වාභවික පලතුරු, එළවළු සහ ධාන්‍ය වර්ග වඩාත් යෝග්‍ය වන අතර කිසිදු අමුද්‍රව්‍යයකින් තොරව නැවුම් සහ කාබනික ආහාර ලබාගැනීම වැදගත්.

B වර්ගයේ රුධිරය

B වර්ගයේ රුධිරය ඇති පුද්ගලයින් සර්ව භක්‍ෂකයන් ලෙස හඳුන්වනවා. මේ නිසා ඔවුන්ට විවිධ ආහාර ලබාගැනීමේ හැකියාව තියෙනවා. නමුත් ඉරිඟු, තිරිඟු, තක්කාලි සහ රටකජු වැනි ආහාර මඟින් බර වැඩිවීම, තෙහෙට්ටුව සහ හයිපොග්ලිසිමියා ඇති වීමේ හැකියාව පවතිනවා. එමෙන්ම ඔවුන් කුකුල් මස් ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතු වෙනවා. මොකද කුකුල් මස් මඟින් B රුධිර ගණය ඇති අයට ආඝාතය හා ප්‍රතිශක්තිකරණ ආබාධ ඇති කරනවා.

AB වර්ගයේ රුධිරය

AB රුධිර වර්ගය දුර්ලභ රුධිර වර්ගයක්. එම වර්ගය A සහ B වර්ග මිශ්‍ර වෙලයි තියෙන්නේ. ඒ නිසා මෙම රුධිර ගණය ඇති පුද්ගලයින්ට ආමාශයේ අඩු ආම්ලිකතාවයක් ඇති අතර බිත්තර, මුහුදු ආහාර සහ කොළ පැහැති පලා වර්ග වඩාත් සුදුසු වෙනවා. එමෙන්ම ආහාර ගැනීමේදී ඔවුන් කුඩා කොටස් ලෙස ටිකෙන් ටික ආහාර ගැනීම සිදු කළ යුතු අතර එමඟින් ආහාර ජීරණය වඩාත් පහසු කරනවා.

O වර්ගයේ රුධිරය

O වර්ගයේ රුධිරය ඇති පුද්ගලයින්ට ඉහළ ආමාශ ආම්ලිකතාවයක් පවතිනවා. ඒ නිසා ඔවුන්ට සත්ව ප්‍රෝටීන් සහ මේදය යන දෙකම ජීර්ණය කිරීමේ ඉතා දියුණු හැකියාවක් පවතින අතර හොඳ ගුණාත්මක මස්, මාළු, එළවළු සහ පලතුරු සහිත ප්‍රෝටීන් බහුල ආහාර වේලක් ඔවුන්ට වඩාත් යෝග්‍යයි.මේ අතර ධාන්‍ය වර්ග, බෝංචි සහ රනිල කුලයට අයත් කාබන් පහසුවෙන් ඔවුන්ගේ පද්ධතියේ මේදය ලෙස ගබඩා කළ හැකි අතර ඔබත් 0 වර්ගයේ නම්, මේදය බහුල ආහාර වලින් වැළකීම සහ පාලනය කරන්න.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *