Press "Enter" to skip to content

Hackersලගෙන් ඔබේ ව්‍යාපාරය ආරක්ෂා කරගන්නේ කොහොමද?

විවිධ උපායන්, නවෝත්පාදන වලින් තම ව්‍යාපාරය දියුණු කරගන්න හැමෝම උත්සහ දරනවා. නමුත් ව්‍යාපාරයක් කරනවා කියන්නෙම ලොකු Risk එකක්. මොකද දියුණු වෙන්න හදන පුද්ගලයෙකුගේ කකුලෙන් අදින්න ගොඩක් දෙනෙක් බලන් ඉන්නවා.හැකර් වරුන් ඔබේ ව්‍යාපාරය පිටතින් විනාශ කිරීමට විවිධ උපක්‍රමයන් යොදවන්න පුළුවන්. ඉතින් ඔබේ සාර්ථකත්වයට අකුල් හෙළන, එහෙමත් නැත්නම් ඔබව වට්ටන්න හදන අයගේ බේරෙන්න නම් ඔබේ ව්‍යාපාරය සුරක්ෂිත කරගැනීම වැදගත්.

පාරිභෝගික සහ සමාගම් තොරතුරු සොරකම් කිරීම

සමාගම් පද්ධති වලින් පාරිභෝගික තොරතුරු සොරාගැනීම් කියන්නේ විශාල ගනුදෙනුවක්. මොකද පාරිභෝගිකයන්, වගේම ඔබගේ ආයතනයේ සේවකයන්ගේ තොරුතුරු ලබාදෙන්නේ ඔබව විශ්වාස කරලා. නමුත් ඔබ සතු එම තොරතුරු සොර ගනීමෙන් සිදු වන්නේ, ගනුදෙනුකරුවන්ගේ විශ්වාස බිඳී, ඔබගේ විකුණුම් අඩු කර, ගනුදෙනුකරුවන් වෙනත් සමාගම් දෙස හරවා ගැනීමයි. ඒ නිසා එම තොරතුරු රහසිගතව තබාගැනීමට නව ක්‍රමවේදයන් සහ උපායන් භාවිතා කරන්න.

විශේෂයෙන්ම ඔබේ සමාගම ක්‍රියාත්මක වන්නේ කෙසේද, ඔබ සමඟ වැඩ කරන්නේ කවුද සහ ඔබ වෙනුවෙන් වැඩ කරන්නේ කවුරුන්ද යන්න හැකර්වරුන්ට සොයාගත හැකියි. එමඟින් ඔබේ සේවක පිරිස් සහ ගනුදෙනුකරුවන් මුදලට ගැනීම, සහ ඔවුන් ඔබේ ආයතනයේ ගැලවීම වගේම ඔබේ ආයතනයේ ගුණාත්මක භාවයට හානි කිරීම වැනි දේවල් සිදු වෙනවා. ඔවුන් ඔබේ ව්‍යාපාරයෙන් අසාධාරණ වාසි ලබාගන්න උත්සහ දරනවා.

වෙබ් අඩවිය විනාශ කර දැමීම

හැකවරුන් ඔබේ ආයතනය සතු වෙබ් අඩවි වලට සොරෙන් ඇතුළුවී දත්ත සොරාගැනීම සහ වෛරස මඟින් දත්ත, පරිගණක පද්ධති විනාශ කිරීම වැනි දේවල් සිදු කළ හැකියි. එමඟින් ඔවුන් ඔබගේ වෙළඳ නාමයට අපකීර්තියක් ඇතිවන් අයුරින් වෙබ් අඩවි පාලනය කිරීම, වැනි දේවල් සිදු කරන බවත් මතක තබාගන්න. ඒ නිසා ඔබේ ආයතනය සතු වෙබ් අඩවි, සමාජ මාධ්‍ය වල gmails, password මාසෙකට සැරයක්වත් වෙනස් කරන්න.ඒ වගේම password එකේ රහස්‍යභාවය ශක්තිමත් කරන්න.

ඒ වගේම ඔබගේ ආයතනයේ පරිගණක පද්ධතියට හොඳ security system එකක් භාවිතා කරන්න.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *