Press "Enter" to skip to content

ආකර්ෂණීය Presentation එකක නිර්මාණය කිරීමට වැදගත් Tips

Presentation කියන වචනය කනට නුහුරු වචනයක් නම් නෙවෙයි. office එකේ meeing එකකදී , client කෙනෙක් ඉදිරියේදී තම projects, නව අදහස් ප්‍රකාශ කරන්න භාවිතා කරන්නේ Presentation එක. හැබැයි ඒ වගේ අවස්ථාවන් වලට හිතුමනාපේ ආවට ගියාට Presentation හදන ඉන්නවා. එකෙන් ඔයාගේ project එක fail වෙන්න පුළුවන්. ඉතින් මේ කියන්න යන්නේ, නිවැරදිව සහ සිත් ඇදගන්න සුළු විදිහට කොහොමද Presentation එකක් නිර්මාණය කරගන්නේ කියලා.

  • අන්තර්ගතය සහ Design එක

සාමාන්‍යයෙන් Presentation එකක් හදන්න ඊටම වෙනස් වූ ක්‍රියාවලියක් තියෙනවා. ඒ නිසා මෙහිදී ඔයා මුලින්ම කරන්න ඕන. ඒ කියන්නේ ඔයගේ අදහස, එහෙමත් නැත්නම් ඔයාගේ project එකට ආදාළ මතෘකාව ගැන අවබෝධයක් ඇති කරගන්න. පසුව ඊට අදාළ කරුණු, අන්තර්ගතය සඳහා තොරතුරු සවිස්තරව ගොනුකරගන්න.

එම තොරතුරු පසුව වෙනම කොළයක කෙටි කරලා, කාණ්ඩ කරලා ලියාගන්න. ඊට පස්සේ තමයි ඔයාගේ project එකට ගැළපෙන slides designs කරන්න. හැබැයි ඊට කලින් ඔයා short කරගත් තොරතුරු ඇතුළත් කරලා designs එකට ගැලපෙනවද කියලා වෙනම කඩදාසි කොළයක Structure එකක් හදලා බලන්න.

  • Slides වලට දිග වාක්‍ය දාන්න එපා

slides එක වචන ගොඩකින් පුරවන්න එපා. එතකොට Presentation එක බලන කෙනාට ඒක එපා වෙනවා. ඒ වගේම තේරෙන්නෙත් නැහැ. එය ඔබේ project එක fail වෙන්නත් හේතු වෙනවා. Presentation එකකදී විශේෂයෙන්ම ඔබේ project එකේ ආකෘතිය හැඳින්වීමට සිදුවෙනවා. ඒ නිසා ඔබේ Presentation එක බලන කෙනාගේ ආකර්ෂණය දිනාගන්න නම් වචන ප්‍රමාණය අඩු කරලා, වචන ගළපලා, ඒවා point කරලා, photos සහ videos එකතු කරන්න.

  • හොඳ ආරම්භයක් ලබාගන්න

Presentation එකක් පටන් ගද්දී ඒක අහන් ඉන්න අයට දවසේ වෙලාව අනුව සුබ පතලා, ඒ අයට ආකර්ෂණීය වන විදිහට, වෙනස් ආකාරයේ ආරම්භයක් ගන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ ඔබේ project එකේ අරමුණු, බලාපොරොත්තු සහ සිහින ගැන පැහැදිලි කිරීමකින් ආරම්භ කිරීමට හැකි නම් ඔබට Presentation සාර්ථකව නිම කළ හැකියි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *