Press "Enter" to skip to content

නිරෝගී වෙන්න කියලා මේදය අඩංගු ආහාර ගැනීම නැවැත්වුවහොත් සිදු වන දේ

තරබාරු බව අඩු කරගන්න නම් තෙල්, පිටි සහ සීනි සහිත ආහාර වර්ග කෑමට ගැනීම අඩු කරගන්න කියලයි වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ. ගොඩක් දෙනෙක් මහත අඩු කරගන්නත්, තරබාරු නොමැති අයත් නිරෝගී බව රැක ගන්න මේ කෑම වර්ග පාලනය කරනවා. ඉතින් ඔබ dite කරද්දී කරන ලොකුම වැරැද්ද තමයි මේදය සහිත කෑම, එහෙමත් නැත්නම් තෙල් කෑම සම්පූර්ණයෙන්ම නතර කරනවා. හැබැයි එය කායික සහ මානසික සෞඛ්‍යට අහිතකර බලපෑම සිදු කරන බා මතක තබාගන්න.

  • වැඩිපුර බඩගිනි දැනීම. සාමාන්‍යයෙන් ආහාරමය මේදය කියන්නේ අපේ දෛනික ආහාර වේලෙහි තිබිය යුතු අත්‍යවශ්‍ය පෝෂකයක්. ඔබ කැලරි සහිත ආහාර ලබා නොගන්නේ නම් ඔබේ සිරුර වෙනත් ආහාර වර්ග වලින් කැලරි හොයනවා. එතකොට ඔබට වැඩිපුර ආහාර ගන්න ඕන වෙනවා. එය ඔයාගේ තරබාරුව, වෙනත් ලෙඩ රෝග වලට ද මඟ පාදනවා.
  • අධික මේදය නිසා හෘද රෝග අවදානම වැඩි කරනවා. නමත් මේද අඩු වීම ද හෘද රෝග අවදානම වැඩි කරනවා. ඒ නිසා ආහාර පිසීමට ගන්න පොල්තෙල් වෙළඳපොලෙන් ගන්නේ නැතිව ගෙදරම හදාගන්න උත්සහ කරන්න. පුළුවන් නම් ඔලිව් භාවිතා කරන්න. ඔලිව් ඔයිල් කියන්නේ නිරෝගී රැකදෙන උදව් වෙන හොඳම තෙල් වර්ගයක්. ඒ වගේම ඔලිව් තෙල් හැදි භාගයකට වඩා අනුභව කරන පුද්ගලයින්ට ඕනෑම ආකාරයක හෘද රෝගයක් ඇතිවීමේ අවදානම 15% කින් අඩු වන බව පර්යේෂණයකින් සොයාගෙන තිබෙනවා.
  • දිනපතා හොඳ මේද ආහාරයට ගැනීමෙන් සිරුරට ප්‍රෝටීන් ලැබෙන අතර එමඟින් ඔබගේ මාංශ පේශි වර්ධනයට උදව් වෙනවා. හැබැයි ඔබ ලබාගන්න මේදය අඩු වුණොත් පේශි වර්ධනය අඩාල වන අතර ඒ ආශ්‍රිත ගැටළු මතු විය හැකියි.
  • එමෙන්ම සෞඛ්‍ය සම්පන්න මේද ඔබේ පරිවෘත්තීය වැඩි දියුණු කරන අතර මේදය වැඩි වීම මෙන්ම මේදය ශරීරයේ නොමැති වීමත් බර වැඩි වීමට හේතු වෙනවා.
  • මේදය අඩුවීම ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන අතර අමතක වීම් වැනි තත්වයන් ඇතිවිය හැකියි. මොකද හොඳ මේදය, ඒ කියන්නේ ඔලිව් තෙල්, ඇට වර්ග සහ මාළු වැනි ආහාර වල මේදය ඔබගේ මතක ශක්තිය වර්ධනයට උපකාරී වෙනවා.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *