Press "Enter" to skip to content

Phone Bill එක අඩු කරගන්න මේ දේවල් කරලා බලන්න

ගොඩක් අය phone bill සඳහා මාසෙකට ලොකු පිරිවැයක් දරනවා. මෙය අමතර වියදමක්. ඔබේ ඉතිරිකිරීමට ලොකු බාධාවක්. ඉතින් මේ කියන්න යන්නේ ඔබේ phone bill සඳහා වැය වන වියදම් අවම අරගන්නේ කොහොමද කියලා.

  • ගොඩක් ජංගම දුරකථන ජාල සේවා විසින් මිනිත්තු ගණනකට, එහෙමත් නැත්නම් දවස් ගණනකට වැඩිපුර sms, calls ලැබෙන බව පවසමින් සහන පැකේජ ඔබට හඳුන්වාදෙනවා. ඉතින් එය ලාභයි, පහසුයි කියලා ඔබත් මාසෙටම හෝ එම කාලයට අවශ්‍ය පැකේජ active කරගන්නවා.

ඇත්තටම එම පැකේජ ඔබට අවශ්‍යද? නැද්ද? කියලා මුලින්ම බලන්න. මොකද එය ලාභයි කියලා හිතලා active කර ගත්තට අවශ්‍ය නොවෙන්නේ පුළුවන්. ඒක ඉතින් නිකරුණේ කරන වියදමක් විතරයි.

  • ඒ වගේම ජංගම දුරකථන ජාල සියල්ලම සංසඳලා බලන්න. මොකද ඔබ භාවිතා කරන ජාලයට වඩා වෙනත් ජංගම දුරකථන ජාල වාසි දායක වෙන්න පුළුවන්. ඒ කියන්නේ එකම ජාලයට මිනිත්තු ගණනකදී කැපෙන මුදල් ප්‍රමාණය සීමිත වෙන්න පුළුවන්. ඒ වගේම අඩු මුදලට අන්තර්ජාල පහසුකම් වගේම අනෙක් දුරකථන පහසුකම් නොමිලේ ලබාදීම සිදු වෙන්නත් පුළුවන්. ඒ නිසා phone bill වලට නිකරුණේ වියදම් නොකර මේ දේවල් ගැන හොඳින් විමසා බලන්න.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *