Press "Enter" to skip to content

හිරු කිරණින් සම ආරක්ෂා කර, පැහැපත් කරන කෝපි ක්‍රීම් එකක් ගෙදරදීම හදාගමු

කෝපි කියන්නේ අපේ පානයක්. ඒ වගේම රූපය ලස්සන කරගන්නත් රූපලාවණ්‍යයේදී කෝපි වලට ලැබෙන්නේ ඉතා ඉහල වටිනාකමක්. මේ කැෆේන් ගුණය නිසා හිරු කිරණින් අවපැහැ ගැන්වූ සම ආරක්ෂා කිරීමටත් , රුධිර ගමනාගමනය වැඩි කර සමේ දීප්තිය වැඩි කිරීමේ හැකියාවත් කෝපි වලට තියෙනවා. ඉතින් මේ කියන්න යන්නේ දිනපතා ආලේපනයට සුදුසු කෝපි ක්‍රීම් එකක් ගෙදරින් හදාගන්නෙ කොහොමද කියලා.

ඔබ වෙනදා භාවිතා කරන ක්‍රීම් එකට වඩා කොපි ක්‍රීම් එක බොහෝ වේලාවක් හා මත රඳවා ගන්න පුළුවන්. මෙය උදේ සවස ආලේප කර ටික වේලාවක් තබා සෝදා ගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිරිසිදු කෝපි කුඩු මේස හැඳි 2ක්
  • ඇලෝ ජෙල් මේස හැඳි 1ක්
  • ආමන්ඩ් තෙල් හෝ විටමින් E කරල් 1ක්

සාදාගන්නා ආකාරය

මේ සියල්ල ක්‍රීම් එකක් වන සේ හොඳින් මිශ්‍ර කරගන්න. මෙහි හොඳ ප්‍රතිඵල ලබාගත හැකි වන්නේ වැඩි වේලාවක් මිශ්‍ර කිරීමෙන්. පසුව කෝපි ක්‍රීම් එක ඔබේ මුහුණේ ආලේප කර බලන්න. දින කීපයකින් පැහැපත් නිරෝගී සමක් ලබාගන්න පුළුවන්.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *