Press "Enter" to skip to content

Gym එකේදී පිළිපැදිය යුතු නීති රීති

අප වැඩ කරන ආයතනයක හෝ ඕනෑම තැනකදී පිළිපැදිය යුතු නීති රීති පද්ධතියක් තියෙනවා. ඉතින් මේ කියන්න යන්නේ හැමදාම gym යන ඔබ gym එකේ දී පිළිපැදිය යුතු නීතිරීති, එහෙමත් නැත්නම් ආචාර විධි ගැනයි.

  • ව්‍යායාම කිරීමේදී දහඩිය දැමීම සාමාන්‍ය දෙයක්. නමුත් ව්‍යායාම උපකරණ මතදහදිය පිස දැමීමෙන් වළකින්න. ඒ සඳහා තුවායක් භාවිතා කරන්න.
  • gym එකේදි ඉතා දිගු හා ඝෝෂාකාරී සංවාද වල යෙදීමෙන් වලකින්න. නැත්නම් මෙය අන් අයට කරදරකාරී විය හැකියි.
  • වැඩි වේලාවක් උපකරණයකම ඇලි නොසිටින්න. ඒවා අන් අයටත් භාවිතා කරන්න ඉඩ ලබා දෙන්න.
  • බර ඔසවන dumbbell, බර, තැනින් තැන නොතබා නිසි තැන තබන්න වගබලා ගන්න.
  • කෙනෙක් ව්‍යායාම කරද්දී ඒ කෙනාගේ කාලය ඉවර වෙන තුරු බලා සිටින්න. එතකන් ඔවුන්ට කරදර කිරීමෙන් වලකින්න.
  • gym ලොකර් කාමරය ඔබේ පෞද්ගලික නානකාමරය නොවන බව මතක තබාගෙන කටයුතු කරන්න.
  • ව්‍යායාම උපකරණ ව්‍යායාම් කිරීමට පමණක් භාවිතා කරන්න. නිදා ගැනීමට හෝ විවේක ගැනීමට භාවිත නොකරන්න.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *