Press "Enter" to skip to content

හිසකෙස් ගැටලු වලට හොඳම විසඳුමක් මෙන්න

හිසකෙස් ගැටලු ගොඩක් අයට තියෙනවා. හිසකෙස් අග පැලීම, කෙස් ගැලවී යාම, හිස් හොරි වැනි විවිධ ගැටලු වලට ගැහැණු පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනෙක් මුහුණ දෙනවා.ඉතින් ඔබේ ගැටළුවම් වලට හෙයා මාස්ක් එකක් ගැන තමයි මේ කියන්න යන්නේ.

හෙයා මාස්ක් එක තියෙන ප්‍රයෝජන ගොඩයි. එය කෙලින්ම හිසකෙස් මුලට වගේම හිසකෙස් ගසටත් අවශ්‍ය පෝෂණය සත්කාරය ලබා දෙනවා. ඒවගේම හිසකෙස් වලට ක්ෂණික දීප්තියක් වගේම ප්‍රාණයක් ලබා දෙනවා.

මේ හෙයා මාස්ක් එක උදේ දහයට එකොළහට පමණ හොඳින් හිස ගල්වා විනාඩි හතළිස් පහකට පසු නාන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

  • කැස්ටර් ඔයිල් මේස හැඳි 2ක්
  • ඔලිව් ඔයිල් මේස හැඳි 2ක්
  • හොඳම වර්ගයේ මී පැණි මේස හැඳි 2ක්
  • බිත්තරයක්

සාදාගන්නා ආකාරය

  • මේ සියල්ල සියල්ල මිශ්‍ර කර paste එකක් හදාගන්න.
  • නෑමට පෙර විනාඩි හතළිස් පහකට කලින් විටමින් E කරල් දෙකක් මෙහි දමා හිස්කබල හොඳින් මසාජ් කරන්න .
  • දැන් මේ සාදාගත් හෙයාර් පැක් එක හෙයාර් පැක් එක හිසට දාගන්න. එය හිසකෙස් වලත් හිස් කබලෙත් හොඳින් ආලේප විය යුතුයි.
  • පසුව shower shower cap එකකින් හෝ සිලි බෑගයකින් හිස ආවරණය කරන්න.
  • විනාඩි 45කට පසුව මුදු ෂැම්පු වර්ගයක් භාවිතා කර හිස සෝදා හරින්න .
More from | Be CoolMore posts in | Be Cool »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *