Press "Enter" to skip to content

Dry Shampoo එකක් ලෙස බේබි පවුඩර් භාවිතා කළ හැකි බව ඔබ දැන සිටියාද?

බේබි පවුඩර් බබාලව සුවඳ කරන්න වගේම ඔවුන්ගේ දහදිය පාලනයට, දහදිය බිබිලි පාලනයට, ඉකිලි කැපීම් සඳහා බේබි භාවිතා කරනවා. ඉතින් බබාලා වෙනුවෙන්ම නිෂ්පානය කෙරෙන බේබි පවුඩර් ඔබේ එදිනෙදා ජීවිතයේදී ප්‍රයෝජනවත් කරගත හැකි අවස්ථා කිහිපයක් ගැනයි මේ කියන්නේ.

  • makeup දාද්දී ඔබේ ඇස් පිල්ලම්වලට ගණකමක් ලබා ගැනීමට බේබි පවුඩර් පසුව යළි වරක් භාවිතා කරන්න පුළුවන්. මෙහිදී ඇස් පිල්ලම්වල එක් වරක් මස්කාරා ආලේප කරලා ඒ මත bursh එකක් ආධාරයෙන් පවුඩර් ටිකක් ආලේප කරන්න. මස්කාරා අලේප කරන්න.
  • ඒ වගේම ඇඳුම් පැල්ලම් ඉවත් කිරීමට ද බේබි පවුඩර් වලට හැකියාව ලැබෙනවා. ඔබේ ඇඳුමේ තියන තෙල් පැල්ලම දෙපැත්තටම පවුඩර් ඉසලා ඇඳුම ග්‍රීස්වල පොඟවන්න. පැයකට පස්සේ ඇඳුම සෝදලා මද පවනේ වේලගන්න.
  • උණුසුම් දවසක රාත්‍රියේ නිදාගන්න නිදාගැනීමට පෙර ඇඳ ඇතිරිලි අතරට පවුඩර් කුඩු ටිකක් ඉසින්න. එමඟින් ඔබට සුවදායි නින්දක් ලබාගන්න පුළුවන්.
  • එමෙන්ම ඔබේ මාලයේ ගැටගැසුණු තැන් වලට පවුඩර් ටිකක් ඉසලා මාපටැඟිල්ල හා අනිත් ඇඟිලි අතර තියලා සිනිඳුවට පිරිමදින්න.එවිට හිමින්සැරේ මාලයේ ගැට ඉවත් කරගත හැකියි.
  • සම වැක්ස් කරද්දී වැක්ස් එක ආලේප කරන්න කලින් සම මත පවුඩර් ටිකක් ගාන්න. එමඟින් වැක්ස් කිරීමේදි ඇතිවෙන වේදනාව වගේම සමට වෙන හානියත් අවම කරගන්න පුළුවන්.
  • වැලි සහිත පොලොවේ ඇවිදින විට ඔබේ කකුල් මත බේබි පවුඩර් ආලේප කරන්න. එවිට කකුල් වල වැලි ගෑවෙන්නේ නැහැ.
  • ඒ වගේම ඔබට පුළුවන් හම් ඇඳුම්වල පෙනුම වැඩි කරගන්න ඇඳුම මතට පවුඩර් ටිකක් ඉසලා සිනිඳු මයික්‍රෝ ෆයිබර් රෙද්දකින් පිරිමදින්න.
  • හිසකෙස්වල තෙල් ගතියක් සහ ඇලෙනසුළු ගතියක් තියනවා නම්, හිසකෙස් මතට පවුඩර් ටිකක් ඉසින්න. ඉන්පසුව පවුඩර් ටික පේන්නෙ නැති වෙනකන් හිස්කබල හෙමිහිට මසාජ් කරන්න.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *