Press "Enter" to skip to content

External hard drive එකක් මිලදී ගන්න කලින් දැනගත යුතුම දේවල්

Computer භාවිතා කරද්දී softwares, සිංදු, films, files වැනි ඩේටා ගබඩා කරද්දී ඉස්සර නම් CD භාවිතා කළා. අද වන විට නම් ඒ සඳහා Pen drives, සහ External hard drives භාවිතා කරනවා. ඇත්තටම DVD රයිට් කරනවට වඩා, Pen එකක් use කරනවට වඩා External hard drive එකක් භාවිතා කිරීම ගොඩක් පහසුයි. ඉතින් මේ කියන්න යන්නේ ඔබේ වැඩ වලට පහසු කරන, සුදුසු External hard drive එකක් තෝරාගන්නේ කොහොමද කියලා.

Sizes එක

External hard drive එකක sizes එක තෝරාගත යුතු වන්නේ, ඔබේ අවශ්‍යතාවය මතයි. ඒ අනුව 500 GB, Terabyte 1 , Terabyte 2, Terabyte 4 , Terabyte 6 , Terabyte 8 වගේ External hard drive මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් photigraphy, Videography, Graphic design වගේ කරන අයට නම් External hard drives අත්‍යවශ්‍යයයි. මේවායේ අවුරුදු ගනනාවක් වුණත් ඩේටා ගබඩා කර තබාගත හැකියි.

Speed එක

අද කාලයේ හැටියට නම් අපි කරන වැඩත් එක්ක hard drive එක speed එක ගොඩක් වැදගත් වෙනවා. මෙහිදී HDD එකට වඩා SSD එකේ ගොඩක් වේගවත්.

HDD කියන්නේ හාඩ් ඩිස්ක් ඩ්‍රයිව් (Hard disk drive). මේවා වඩාත් සාම්ප්‍රදායික සහ පැරණි තාක්ෂණයෙන් යුතු hard drives. එතකොට SSD කියන්නේ සොලිඩ් ස්ටේට් ඩ්‍රයිව් (Solid state drive). මේවා වඩාත් නවීන තාක්ෂණයෙන් යුත් වඩා වේගවත් hard drives.

HDD එකේ capacity එක වැඩි අතර ඒ හේතුවෙන් හාර්ඩ් එකේ ප්‍රමාණය ද විශාල වෙනවා. SSD එකක ස්පීඩ් එක වැඩියි වගේම තාක්ෂණික දියුණුවෙනුත් ඉදිරියෙන් තියෙනවා. SSD වඩාත් සුරක්ෂිතයි. ඒ නිසා හාර්ඩ් එකට හානි වීමේ හැකියාව ඉතාම අඩුයි. හැබැයි ඉතින් මේවායේ මිල ගණන් නම් ටිකක් වැඩියි.

ඒ වගේම USB 2.0 එක්ස්ටර්නල් හාඩ් එකකට වඩා USB 3.0 එක්ස්ටර්නල් හාඩ් එකක් speed වැඩියි.

ඔරොත්තුදීම ආරක්‍ෂිත බව

ඔඅබ් නිතරම භාවිතා කරන සහ තැනින් තැනට අරන් යන External hard drive එකක් නම් එහි ආරක්‍ෂිත බව තිබිය යුතුමයි. රබර් බාහිර කවරයකින් ආවරණය කළ External hard drive එකක් නම් වඩාත් හොඳයි. මොකද හදිස්යේ හෝ වැටුණොත් External hard drive එක හානි වීම අඩුයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *