Press "Enter" to skip to content

කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කරන්න ඔබට කළ හැකි සරල ක්‍රම

මිනිස්සුන්ගේ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් මේ වන විට පරිසරය තුළ ඔක්සිජන් ප්‍රමාණය අඩුවී කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වීමක් සිදුව තිබෙනවා. වාහන වල දුම්, කර්මාන්තශාලාවල දුමාරය , හරිතාගාර ආචරණය පමණක් නෙවෙයි, අප එදිනෙදා කරන කියලා ඇතැම් ක්‍රියාකාරකම් ද ඊට හේතු ලෙස බලපානවා. ඉතින් මේ කියන්න යන්නේ පරිසරය තුළ ඇති කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අවම කරගන්න ඔබට කරන්න පුළුවන් සරල ක්‍රම කිහිපයක් ගැනයි.

  • ආහාර නාස්තිය අවම කරන්න

සාමාන්‍යයෙන් sagara වායු විමෝචනයට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ආහාර අපද්‍රව්‍යයයි. ඒ ඉවතලන ආහාර දිරාපත් කර අතර විශේෂයෙන් ප්‍රබල හරිතාගාර වායුවක් වන මීතේන් විරේචනය කිරීම එමගින් සිදු වෙනවා.

ගෝලීය උණුසුම ඉහළ යෑමට කාබන් ඩයොක්සයිඩ් මෙන් 34ගුණයකින් මීතේන් බලපාන බවයි සොයාගෙන ඇත්තේ.

ඒ නිසා මුදල් නාස්ති නොකර අරපිරිමැස්මට පුරුදු වෙන්න. සැලසුමකට අනුව ද්‍රව්‍ය මිලදී ගෙන ආහාර නාස්තිය අවම කරන්න.

  • ප්ලාස්ටික් භාවිතය අඩු කරන්න

පරිසර හිතකාමී ජීවන රටාවක් ඇතිකරලීමට නම්, ප්ලාස්ටික් භාවිතය අවම කර පරිසර හිතකාමී අමුද්‍රව්‍ය වලින් නිපදවූ බඩුබාහිරාදිය භාවිතයට ගන්න.

  • මාංශ ආහාරයට ගැනීම අඩු කරන්න

පාංශු සම්පත් නිෂ්පාදනයෙන් විමෝචනය වන, විශේෂෙන්ම හරක් මස් සහ කිරි ගවයින් හරිතාගාර වායු විමෝචනයෙන් 14.5%ක් පමණ නියෝජනය කරනවා. ඒ නිසා මාංශ අනුභවය රට තුළ සීමා කරන්න, නැත්නම් නිර්මාංශ ආහාර රටාවකට හුරුවන්න.

  • ස්වභාවික ආහාර ලබාගන්න – නිවසේදිම ආහාර වගා කරන්න

නැවුම් එළවළු පලතුරු ඔබේ නිවසේම වගා කරන්න පුරුදු වෙන්න. එමගින් ගුණාත්මකභාවයෙන් යුත් ආහාර ලබා ගැනීමට වගේම අනවශ්‍ය මිලදී ගැනීම්, ආහාර නාස්තිය අවම කරගත හැකියි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *