Press "Enter" to skip to content

ආහාරයට නුසුදුසු – සිරුරට අහිතකර මාළු වර්ග

මාළු කියන්නේ ප්‍රෝටීන ඇතුළු පෝෂපදාර්ථ රැසක් අඩංගු ආහාරයක්. ගර්භණී සමයේ දී වගේම ලොකු කුඩා කාගේත් නිරෝගී බව රැක ගන්න දෛනික ආහාර වේලට මාළු එකතු කර ගැනීම වැදගත්. නමුත් ඔබ ලබාගන්නා මාළු අතර ඔබේ සිරුරට අගුන මාළු අරගෙන තියෙනවා.

  • Mackerel

මැකරල් මාළු වල රසදිය අඩංගු වෙනවා. ඔබ දිවා ආහාරයට ගන්නා විට ඒවා සිරුරේ එකතුවී විවිධ රෝගාබාධ ඇති කරනවා.

  • Tilapiya

තිලාපියා මත්ස්‍ය විශේෂයෙහි අඩංගු මේනු සාන්ද්‍රණය කොලස්ට්‍රෝල් මට්ටම ඉහළ නංවනවා. ඒ වගේම විවිධ ආසාත්මිකතා ඇති කරවනවා.මේවා සෞඛ්‍යයට එතරම් හිතකර වන්නේ නැහැ.

  • Imported catfish

මෙම මාළුන්ගේ වර්ධනය වේගවත් කිරීම සඳහා ධීවරයින් ඔවුන්ට හෝමෝන ලබා දී පෝෂණය කරනවා. එනිසා ඒවා සිරුරට අහිතකර ප්‍රතිඵල ගෙන දෙනවා

  • Pangasiu

මෙම මාළු වර්ග වෙළෙඳ පොළට ගෙන එන්නේ වියට්නාමයෙන්. මෙම මාළු අල්ලා ගන්නේ ලෝකයේ වඩාත්ම දූෂිත ජලය පවතින මොකොං ගඟෙන්.ඒ වගේම මෙම මාළු වල ඉහළ මට්ටමේ නයිට්‍රොෆුරාසෝන් සහ පොලිපොස්පේට් නැමති පිළිකා කාරක අඩංගු රසායනික අඩංගු වෙනවා.

  • Dollarfish

තෙල් මාළු ලෙස ජනප්‍රිය මෙම මාළු විශේෂයේ ජෙම්පිලොටොක්සීන් අඩංගු වෙනවා. ඒවා පරිවෘත්තිය නොවන ඉටි වැනි ද්‍රව්‍යයක්.එමගින් ආහාර ජීරණයට බාධා ඇති කරනවා.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *