Press "Enter" to skip to content

නව කොවිඩ් ප්‍රභේදයත් සමඟ වෙනස් වූ රෝග ලක්ෂණ

ලොවම ගොදුරු කරගත් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් මේ වන විට ලංකාව තුළ පැතිරෙමින් පවතිනවා.

කොවිඩ් පළමු සහ දෙවන රැල්ල මෙන් නොව මෙම නව ප්‍රභේදයත් සමඟ ආරම්භ වූ තුන්වන රැල්ලේදී තරුණ තරුණියන්ට ලොකු බලපෑමක් එල්ල වෙනවා.

මීට කලින් ඔබ දැන සිටි රෝග ලක්ෂණ වලට වඩා වෙනස්ම රෝග ලක්ෂණයි මෙම නව ප්‍රභේදයේදී මතු වන්නේ.

මෙහිදී උගුරේ වේදනාවට පෙර රෝගීන්ට නිව්මෝනියා තත්ත්වය ඇතිවන බවයි විශේෂඥ වෛද්‍යවරු පවසන්නේ.

ඒ කියන්නේ ශ්වසන අපහසුතා ඇති වී රෝගී තත්ත්වය උත්සන්න වන තුරු තමන්ට වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගන්න අපහසු වෙනවා.

ඒ වගේම මෙන්ම නව කොවිඩ් ප්‍රභේදයේ තවත් රෝග ලක්ෂණ මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

  • ඇඟපත වේදනාව
  • ඇසේ බොඳ ගතිය හෝ ඇස් වටා රතු වීම
  • උගුරේ වේදනාව
  • පාචනය
  • ඇඟිලි හෝ නියපොතු වල පැහැයේ වෙනසක්
  • හිසේ කැක්කුම
  • සම මත කැසීම, දඩ හෝ කුෂ්ඨ ඇතිවීම

ඉතින් කොවිඩ් වසංගතය අවසන් යැයි සිතා අත්හැරපු සෞඛ්‍ය පුරුදු යළි ආරම්භ කරන්න. කොවිඩ් මාරයාගෙන් ඔබත් ආරක්ෂා වී අන් අයවත් ආරක්ෂා කිරීම ඔබ සතු වගකීමක් බව වටහා ගන්න.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *