Press "Enter" to skip to content

අඳින ඇඳුමට ගැලපෙන Hand Watch එක තෝරාගන්නේ කොහොමද?

ගමනක් බිමනක් යද්දී, බොහෝ දෙනෙකුගේ අතේ Watch වරදින්නේ නැහැ. සමහරුන්ට ගමනේ දුරක් ගියාම තමයි Watch එක මතක් වෙන්නේ. ඒත් තවත් සමහරුන්ට අතේ Watch එක නැතුවම බැහැ. කෙනෙක්ට Watch එක fashion එකක් වන අතර තවත් කෙනෙක්ට watch එකතු කිරීම විනෝදාංශයක්. ඉතින් මේ කියන්න යන්නේ ඔබ අඳින ඇඳුමට, ගමනට ගැළපෙන විදිහට watch එක ගලපගන්නේ කොහොමද කියලා.

පිටින් පෙන ලස්සන, මිල, වැදගත්කම ගැන බලලා තමයි watch එකක් මිලදී ගන්නේ. නමුත් ඔබ කරන වැඩ, අවස්ථාවන් වලට අනුව නිර්මාණය වූ watch තිබෙන බව දන්නවද?

  • Dress Watch

මෙම watch වර්ගය සාමාන්‍ය ගමනකට භාවිතා කළ හැකියි. ඔෆිස් ඇඳුමට මෙය හොඳින්ම ගැළපෙනවා.

  • Diver’s Watch

මෙම watch එක කිමිදුම් කාර්යයන් වල නිරත වෙනකොට පාවිච්චි කරන watch එකක්. සාමාන්‍යයෙන් හොඳ Diver’s Watch එකක් මීටර් 100ක් වගේ දිය යටදී පවා වැඩ කරන බව සඳහන්. මෙය සාමාන්‍ය ඇඳුමකට නම් එතරම් ගැළපෙන්නේ නැහැ.

  • Sports Watch

සාමාන්‍යයෙන් මෙම watch එක භාවිතා කරන්නේ ක්‍රීඩා කටයුතු වලදී. මෙම watch එක මාලිමාවක්, සැතපුම්මානයක්, උච්චාමනයක්, GPS, හෘද ස්පන්දනය මනින්නවගේම විවිධ පහසුකම් වලින් යුක්ත වන අතර Casual ඇඳුමට වගේම ඇතැම් අවස්ථා වලදී සහ travel කරද්දී වුණත් බැදන් යන්න පුළුවන්.

  • Pilot Watch

මේවා නිෂ්පාදනය කරන්නෙ ගුවන් නියමුවන් වෙනුවෙන්.

  • Field Watch

හමුදා සෙබළුන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු watch වර්ගයක්

More from | Be CoolMore posts in | Be Cool »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *