Press "Enter" to skip to content

ඔබට කොවිඩ් ආසාදනය වී ඇත්දැයි හඳුනාගැනීමට ගෙදරදීම කළ හැකි පරීක්ෂණ

මේ වන විට ලංකාව තුළ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදයත් සමඟ ආසදිතයින්ගෙන් රෝහල් පිරි යනවා. මේ නිසා කොවිඩ් වෛරසය මුල් අවස්ථාවේ පාලනය කර ගැනීම අවශ්‍යයි. ඉතින් මේ කියන්න යන්නේ, රෝහල් වලට යන්න කලින් ඔබත් කොවිඩ් ආසදිතයෙක් ද යන්න බැලීමට නිවසේදීම කළ හැකි ස්වයං පරීක්ෂණ කිහිපයක්.

  • ඔබට හුස්ම අල්ලා හඬනගා 1-10 දක්වා වත් ගනින්න නොහැකි නම් හෝ
  • ඔබ හුස්ම අල්ලා හඬනගා 1 සිට 20 හෝ 40 වැනි සංඛ්‍යාවක් ගණනය කර ඉන් පසුව කෙටි දුරක් ඇවිදීම වැනි ක්‍රියාකාරකමකින් පසු එලෙස යළි ගණනය කිරීම 1-10 ට අඩු නම්,
  • වචන කීපයක් කතා කරද්දී ඔබට මහන්සිය දැනේ නම්,
  • ඔබ තරප්පු පෙළක් මීට පෙර මහන්සියකින් තොරව නැග ආ නමුත් දැන් ඊට පසු හතිය දැනේ නම්,

ඔබ වහාම කොවිඩ් පරීක්ෂණ හෝ වෛද්‍ය උපදෙස් වලට යොමුවිය යුතු වෙනවා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඳ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරන්නේ, මුව ආවරණ පැළඳීම රෝග ව්‍යාප්තිය අවම කිරීමට අත්‍යවශ්‍ය කරුණක් බවයි.

එමෙන්ම කාර්යාල වල හැකි තරම් වාතාශ්‍රය වැඩි කරගැනීම ඔස්සේ පවතින වෛරස ප්‍රභේදය පැතිරීම පාලනය කර ගතහැකි බවත් ඔහු පවසනවා.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *