Press "Enter" to skip to content

නව රැකියා ජීවිතයකට පිවිසෙන ඔබ දැන ගත යුතුම දේවල්

අද කාලයේ අවුරුදු 18,19 වගේ වෙද්දී, ඒ කියන්නේ පාසලෙන් out වෙච්ච ගමන්ම වගේ කෙල්ලෝ කොල්ල job කරන්න උත්සහ කරනවා. හැබැයි පාසල් ඉගෙනුම් කටයුතු නිමා වුණා කියල නම් job එකක් හොයාගන්න එක ලේසි නැහැ. ඔබත් A /L හෝ O/L කරලා job එකක් හොයන්න කෙනෙක්ද? එහෙන්ම ඊට කලින් මෙන්න මේ කරුණු ටික ගැනත් දැනගෙන ඉන්න.

  • Job හොයද්දි ඔබ මුලින්ම කරන්න ඕන දෙයක් තමයි හොඳ වැදගත් CV එකක් හදාගන්න එක. මොකද ඔබව interview කරන interview board එක අයට ඔබ ගැන පැහැදීමක් ඇති වෙන්න නම් ඔබේ CV එක පිළිවෙලට තියෙන්න ඕන. ඒ නිසා හරියට CV එකක් හදනකොට ඇතුළත් වෙන්න ඕන අනිවාර්ය දේවල් දැනගෙන සිටිය යුතුයි.
  • හැබැයි හොඳ CV එක්ක විතරක් තිබුණට මදි, Job Interview එකක් යන්න කලින් ඒකට මුහුණ දෙන්න නම් Interview Skills තියෙන්නම ඕන. කතාකරන්න, හැසිරීම වගේම එම අදාළ ආයතනය ගැනත් ඔබ අවබෝධයක් තිබිය යුතු වෙනවා.
  • ඉගෙන ගෙන තිබීම job එකකට අවශ්‍ය මූලිකම සුදුසුකමක්. ඉතින් ඒ නිසාම ගොඩක් හොඳම තැනක, හොඳම job එකක් බලාපොරොත්තුවෙන් තමයි job වලට apply කරන්නේ. හැබැයි ඔබ මතක තබගත යුතුම කරුණක් තමයි, අද කාලේ හොඳ තැන් වල හොඳ වලට හොයන්නේ අධ්‍යාපන සුදුසුකම් වලට වඩා පළපුරුද්ද. ඒ නිසා පොඩිම තැනකින් පටන් ගන්න එක තමයි හොඳම දේ. ඒ කියන්නේ ලොකු පඩියකට නොවුණත් පුංචි තැනක් පුංචි job වුණත් කරන්න ඔබට පුළුවන් වෙන්න ඕන. එතකොට ඉබේම මිනිස්සුත් එක්ක වැඩ කරන විදිහ, ඉහළට යන්න අවශ්‍ය සුදුසුකම් හදාගන්නේ කොහොමද? තැනක හරියට වැඩ කරන්නේ කොහොමද කියලා ඔබ ඉගෙන ගන්නවා.
  • job එකක මුට්ටි අල්ලලා ගොඩ යන අයට කවදාවත් හරියන්නේ නැහැ. ඒ නිසා job එකකට යන්න කලින්, job සාර්ථකත්වය වෙනුවෙන්, කණ්ඩායම් හැඟීම, යහපත් නායකත්ව ලක්ෂණ, බෙදාහදා ගැනීම වගේ ගුණාංග ඔබ වර්ධනය කරගත යුතුයි.
  • අවුරුදු ගණනක් එකම job එකේ ඇලීගැලීගෙන ඉන්නේ නැතුව අලුත් අලුත් අවස්ථාවන් නිතර නිතර හොයාගෙන යන්න ඕන. එකම තැන ඉඳලා උසස්වීම් ලබාගන්නවට වඩා වේගයෙන් අලුත් රැකියාවන් , එකම ආයතනයේ අලුත් වැඩ, අතහදා බැලීම හරහා ඔබේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්.
  • ඒ වගේම පෞරුෂය සහ වෘත්තීමය බව ගොඩනගා ගන්න. එතකොට ඔබට professional විදිහට job එක කරගෙන් ඉන්න පුළුවන්.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *