Press "Enter" to skip to content

ලස්සන වෙන්න භාවිතා කරන නිෂ්පාදන තෝරාගැනීමේදී අප කරන වැරදි

ගැහැනු පිරිමි භේදයකින් තොරව හැමෝම වගේ රූපය ලස්සන කරගන්න බොහෝ දේවල් කරනවා. එලෙස ලස්සන වෙන්න විවිධ ආලේපන වර්ග, රූපලාවන්‍ය සත්කාර කිරීමේදී අපි අතින් සිදුවන වැරදි කීපයක් ගැනයි මේ දැනුවත් කරන්න හදන්නේ.

ඔහු භාවිතා කරන ආලේපන වර්ග ඔබට පමණක් සීමා කරන්න. ඒ සඳහා පෞද්ගලිකත්වයක් තියාගන්න. ඔබ භාවිතා කරන ඕනෑම ආලේපන වර්ගයක් අන් අය සමඟ බෙදා හදාගන්න එපා. ඒ සඳහා ඔබේ සමට ගැළපෙන ආලේපන වර්ග පමණක් ඔබ සතුව තියාගන්න.

ඒ වගේම makeup වර්ග ද කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වනවා. විලාසිතාවන් ද ඒ වගේ. මේකප් කරද්දිත් ගෙදර හැමෝම එකම makeup සෙට් එක භාවිතා කරන්නේ නැතිව ඔබ වෙනම makeup කට්ටලයක් ළඟ තබා තබාගන්න.

makeup ආයතන වල දී ගැනීමේදී මිලට වඩා ඒවායේ අඩංගු ද්‍රව්‍ය පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්. ඒ වගේම එම නිෂ්පාදන වර්ග නිෂ්පාදනය කළ ආයතනය පිළිගත් ආයතනයක් දැයි සොයා බලන්න. එමෙන්ම ඒවායේ ප්‍රමිතිය සහ නිෂ්පාදිත දිනයත්, කල් ඉකුත්වීමේ දිනයත් බලන්න.

ආවට ගියාට , කවුරුත් කිව්ව පලියට ආලේපන වර්ග, makeup නිෂ්පාදන මිලදී ගන්න එපා. තමන්ගේ සමට සුදුසුම දේ පමණක් තෝරා ගන්න.

ඔබ තවත් වරද්ද ගන්න තැනක් තමයි සුදු වෙන්න භාවිතා කරන ආලේපන වර්ග. දවස් තුනෙන්, පහෙන් සුදු වෙන ආලේපන නැහැ. ඒ නිසා එවැනි බොරු ප්‍රචාරවලට නොරැවටෙන්න. ඔබ තෝරා ගත යුත්තේ ඔබේ සමට ගැළපෙන, සම පෝෂණය කරන, සම සුදු නොව, පැහැපත් කරන ස්වභාවික ආලේපන පමණයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *