Press "Enter" to skip to content

Toilet එකට යන්න කලින් දැනගත යුතුම Toilet මැනර්ස්

ශරීර අවශ්‍යතාවයන් කිරීම කොයි කාටත් පොදු වූ දෙයක්. ඒ වෙනුවෙන් වැසිකිලි, කැසිකිලි තියෙන්නේ. හැබැයි ඒවා ඔබට ඕන ඕන විදිහට නම් භාවිතා කරන එක නම් හරියන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔබ මැනස් පුරුදු කරනවා වගේ toilet යද්දිත් පුරුදු කළ යුතු මැනස් තියෙනවා.

  • ඇතැම් ස්ථාන වල කාන්තාවන්ට සහ පිරිමින්ට වෙන් වූ toilets තියෙන නමුත් සමහර තැන් වලදී දෙගොලන්ටම එකම toilet එක තමයි භාවිතා කරන්න වෙන්නේ. අද ගොඩක් වෙලාවට අපි භාවිහා කරන්නේ කොමඩ්.

ඉතින් ඔය කොහොම වුණත් තම ශරීර කර්තව්‍ය කරද්දී toilet එකේ සීට් එක උස්සන්නේ නැහැ. ඒ නිසා toilet සීට් එකෙත් මුත්‍රා තැවරෙනවා. මේ හේතුවෙන් වැඩිම බලපෑමක් වෙන්නේ කාන්තාවන්ට. මෙවැනි මැනස් නැති වුණාම ඉතින් toilet එකට යන අනිත් අයත් අපහසුතවයාට පත් වෙනවා, ඒ වගේම විවිධ ආසාදන තත්වයන් පවා ඇති වීමේ හැකියාව වැඩියි.

  • toilet ගියාම ඔබ කරන තවත් වැරද්දක් තමයි toilet එක පුරාම අනවශ්‍ය විදියට වතුර බිම හැලීම, සහ තැනින් තැන ටිෂූ පේපර් දැමීම. ඒ වගේම toilet එකේ බිත්තියේ විවිධ ඇදීම ද ඉතාමත් නරක පුරුද්දක්.
  • ඔබ ඔබේ ශරීර කර්තව්‍ය කළ පසු අන් අයට එය පිරිසිදු කිරීමට ඉඩ නොතබන්න.ඔබ toilet යන සෑම අවස්ථාවකම එය එය පිරිසිදු කිරීමට වග බලාගන්න. මොකද සමහරු ඉන්නවා toilet ගියාම හරියට ෆ්ලෂ් කරන්නේ නැහැ.එක්කෝ හදිසියට කරන්නේ නැහැ, එක්කෝ හිතලම කරලා එන්නේ නැහැ. ඒක ගොඩක් නරක පුරුද්දක්. ඒ නිසා කරන කරන කාර්ය සිහියෙන් කරන්න පුරුදු වෙන්න. නිවැරදිව ෆ්ලෂ් කරලා toilet එකෙන් එළියට එන්න.
  • ඒ වගේම ටිෂූස්, පැඩ්ස්, කොන්ඩම් වැනි තියෙන ජරාව සේරම ටිෂූස් toilet එකට දාන්න එපා, පොදු ස්ථාන වල මේ තත්වය බහුලව දකින්න ලැබෙනවා. එමඟින් toilet නළ පද්ධතිය අවහිර වී ලොකු කරදරයක් වෙන්නත් පුළුවන්.
  • ඔබ toilet එකට ගිහින් ඔබේ අවශ්‍යතාව ඉටුකරගත් පසු සබන් දා හොඳින් දෑත් සෝදාගන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි කොමඩ් සහිත toilet විතරක් නෙවෙයි ඕනෑම toilet එකක් භාවිතා කරද්දී මේ මැනස් ගැන අවධානය යොමු කරන්න අමතක කරන්න එපා.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *