Press "Enter" to skip to content

වැඩිපුර වතුර බිව්වොත් සිරුරට මොකද වෙන්නේ?

කුඩා කාලයේ සිටම අපි හොඳ පුරුදු, විශේෂයෙන්ම හොඳ සෞඛ්‍ය පුරුදු ඉගෙන ගන්නවා. අපි ඒ විදිහට ඉගෙන ගන්නේ කෙනෙක් කියපු දෙයක්. එහෙමත් නැත්නම් කාලයක් පුරාවට සමාජයේ පවතින දේවල්.

ඉතින් ඔය අතරේ බොහෝදෙනෙක් කියන සෞඛ්‍ය පුරුද්දක් තමයි හොඳින් ජලය පානය කළ යුතු බව. සාමාන්‍යයෙන් කියන්නේ හොඳ සෞඛ්‍ය තත්වයක් පවත්වාගන්න අඩුම තරමේ දිනකට වතුර වීදුරු 8ක් වත් පාලනය කළ යුතු බවයි. ඒ වගේම හොඳින් ජලය පානය කිරීමෙන් වාසි ගොඩක් අපිට ලබාගන්න පුළුවන් කියලත් කියනවා.

ඇත්තටම ඒ කතාව හරි. සිරුර විජලනය වීමෙන් වළක්වාගන්න හොඳින් ජලය පානය කළ යුතුයි. අධික උණුසුම් ප්‍රදේශයක දි හෝ ව්‍යායාම කිරීමෙන් පසු ඔබට දැඩි පිපාසයක් ඇතිවිය හැකියි. එවැනි අවස්ථාවල ඔබ අසල වතුර බෝතලයක් තබාගැනීම ඉතාමත් වැදගත් ය. නමුත්, ඔබ ජලයට අමතරව පානය කරන විවිධ බීම වර්ග, යුෂ වර්ග, තේ, කෝපි ආදී පාන වර්ග ලබාගන්නවා. ඒ අනුව දිනකට ඔබ පානය කරන ජලය අධි ප්‍රමාණයක් විය හැකියි. දිනකට පානය කළ යුතු ජලය ප්‍රමාණය වීදුරු 8 ක් ද නැතිනම් ඊට වඩා අඩු හෝ වැඩි ද යන්න තීරණය වන්නේ, පුද්ගලයාගෙන් පුද්ගලයාට ඇති ශාරිරීක වෙනස්කම් අනුවයි.

  • අධික ලෙස ජලය පානය කිරීමෙන් වකුගඩු වලට සිරුරේ අතිරික්ත ජලය බැහැර කිරීමට නොහැකිවි වකුගඩු වලට හානි විය හැකියි.
  • ඊට අමතරව අධික ලෙස ජලය පානය කිරීමෙන් මොළයේ සෛල ඉදිමීමට පටන් ගන්නවා. මෙය හිස් කබල මත පීඩනය වැඩි කරන අතර ඔක්කාරය හා වමනය ඇති කරනවා.
  • එම සංකූලතා වලට අමතරව ශරීරයට ජලය වැඩි වීමෙන් ද්විත්ව පෙනීම, හුස්ම ගැනීමේ අපහසුතාව, රුධිර පීඩනය වැඩි වීම සහ නිදිබර ගතිය වැනි රෝග ලක්ෂණ පෙනුම් කෙරෙනවා.
  • එමෙන්ම නිරෝගී රුධිරය, මාංශ පේශි ක්‍රියාකාරිත්වය සහ හෘද ස්පන්දන වේගය පවත්වා ගැනීම සඳහා අපටසිරුරට ඉලෙක්ට්‍රෝටයිට් අවශ්‍යයි. නමුත් අධික ලෙස ජලය පානය කිරීමෙන්සිරුරේ ඇති ඉලෙක්ට්‍රෝටයිට් ප්‍රමාණය අඩු වීමක් සිදු වෙනවා. එවිට මාංශ පේශි කැක්කුම ඇතිවිය හැකියාව ද පවතිනවා.
  • ඔබේ සිරුරට අවශ්‍ය ජලය ප්‍රමාණය ගැන ඔබට දැනෙනවා. ඒ නිසා කවුරුත් කිව්ව පලියට අධික ලෙස පානය කිරීම අඩු කරන්න. ඔබේ සිරුරට අවශ්‍ය ප්‍රමාණය පමණක් ලබාගන්න.
More from | Be HealthyMore posts in | Be Healthy »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!