Press "Enter" to skip to content

ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් හිසකෙස් ගැටළු වලට විසඳුම්

තමන්ගේ හිසකෙස් වල ලස්සන වගේම ආරක්ෂාව ගැනත් හැමෝම හිතනවා. ඒත් ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි හිසකෙස් තුනී වීම සහ අධික ලෙස හැලී යාම. ඉතින් මේ කියන්න යන්නේ ඔබේ හිසකෙස් වල වර්ධන වේගය වැඩි කර ඝනකම් කෙස් කළඹක් ලබාගන්න කළ හැකි සත්කාර කිහිපයක් ගැනයි.

  • හිස්කබල සම්බාහනය කිරීමෙන් හිසකෙස් වැටීම පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම හිසට තෙල් ගැල්වීම හා හෙයාර් මාස්ක් දැමීමද හොඳ විසඳුමක්. එමඟින් හිස්කබල උත්තේජනය කරන අතර හිසකෙස් වල ඝණකම වැඩි දියුණු කරන්න උදව් වෙනවා. සෑම දිනකම ඔබේ හිස්කබල සම්බාහනය කිරීමෙන් ඔබේ මානසික ආතතිය දුරු කරගන්න පුළුවන්.
  • පොල්තෙල් වල මේද අම්ල අඩංගු වන අතර එය හිසකෙස් වල ප්‍රෝටීන් අඩු වීම පාලනය කරනවා. ඔබේ හිසකෙස් වර්ගය අනුව ඔබේ හිසකෙස් සෝදා ගැනීමට පෙර හෝ පසුව පොල්තෙල් භාවිතා කළ කරන්න.

ඔබේ හිසකෙස් තෙල් සහිත නම්, එය සේදීමට පෙර ඔබට එක රැයක් හෝ හෝ පැය කිහිපයක් පොල්තෙල් ගා සම්බාහනය කරන්න.පසුවදා සෝදා හැරිය හැකියි.

  • ඔබට ළූණු යුෂ මිරිකා ගෙන හිස්කබලට හා හිසකෙස් වල හොඳින් ආලේප කර අවම වශයෙන් විනාඩි 15 ක් වත් තබන්න. ඉන්පසු සාමාන්‍ය ආකාරයට ෂැම්පූ කර සෝදා හරින්න.
  • හිසකෙස් වල ගුණාත්මකභාවය සහ වර්ධනය සඳහා ලෙමන් යුෂ හෝ ලෙමන් තෙල් භාවිතා කරන්න පුළුවන්. ලෙමන් ඔයිල් නිරෝගී හිස්කබලක් පවත්වා ගැනීමට සහ හිසකෙස් වර්ධනයට උදව් වෙනවා.

ඔබ ෂැම්පූ කිරීමට මිනිත්තු 15 කට පෙර නැවුම් ලෙමන් යුෂ ඔබේ හිස්කබලට හා හිසකෙස් වලට ආලේප කරන්න.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!