Press "Enter" to skip to content

හුමාලය අල්ලන නිවැරදිම විදිහ මෙන්න

හුමාලය ඇල්ලීම මඟින් රූපලාවණ්‍ය සහ සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ලබාගන්න. පුළුවන්. විශේෂයෙන්ම මේ දින වල පැතිරෙන කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීමටත් හුමාලය අල්ලන්න කියලා තමයි වෛද්‍යවරු පවා නිර්දේශ කරන්නේ. කොහොමවුණත් එක එක අය එක එක විදිහට තමයි මේ හුමාලය ඇල්ලීම සිදු කරන්නේ. ඉතින් මේ කියන්න යන්නේ කොවිඩ් මාරයාගෙන් බේරෙන්න නිවැරදි හුමාලය අල්ලන්නේ කොහොමද කියලා.

වාෂ්ප ඇල්ලීමට යොදාගන්න ද්‍රව්‍ය

  • දෙහි, දොඩම්, යකිනරන් ඇතුළු පැඟිරි කුලයේ ශක වල කොළ
  • මදුරුතලා
  • කරාබු කොළ
  • නික කොළ
  • පාවට්ටා කොළ
  • ඉඟුරු
  • වෙනිවැල්ගැට
  • එනාසල්
  • සුදුහඳුන්
  • ජටාමාංශ
  • ජටා මකුට
  • සුවඳ කොට්ටන්

නිවැරදි හුමාලය අල්ලන්නේ මෙලෙසින්,

  • මුලින් සඳහන් කළ කොළ වලින් හොයාගන්න පුළුවන් කොළ කිහිපයක් ගන්න
  • මුට්ටියකට වතුර පුරවා පියන වසා රත් කරන්න
  • එම වතුර මුට්ටිය බුබුළු දමා හොඳින් නටන ඖෂධීය කොළ සිහින්ව කපා සහ තලා මුට්ටියට එකතු කරන්න
  • ඉන්පසුව විනාඩි 5කින් 10කින් භාජනය පියන ඉවත් නොකරම ලිපෙන් බාගන්න
  • දැන් ඔබ සිරුරම ආවරණය වන රෙදි කඩක් ගෙන ඔළුවේ සිට ඇඟම වැසෙන සේ පොරවගන්න
  • ඊටපස්සේ මුට්ටිය ළඟට අරගෙන පියන ඉවත් කරන්න. ඉන් පිටවන වාෂ්පය හොඳින් අවශ්වාස කරන්න .

මෙය හිසට සහ මුහුණට හොඳින් දහදිය දමන තුරු වාර කිහිපයක්ම කරන්න

More from | Be HealthyMore posts in | Be Healthy »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!